Saturday, October 14, 2017

සාරි ජැකටි මහන්න පුහුණු ඇල්පිටියෙදි කියාදේ


   පතරොම් රහිතව සාරි ජැකටි මැසීමේ දෙදින පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. ඇල්පිටිය සමෘද්ධි බැංකු සමිතිය මෙහෙයවු මෙම පාඨමාලාවේ සම්පත් දායකත්වය ප්‍රවීන මැහුම් උපදේශිකා ජී.එම්.ජී. තනුජානි මහත්මියගෙන් සිදුවිය.

    ඇල්පිටිය සමෘද්ධි බැංකු සමිතියේ කළමණාකරැ ප්‍රේමිකා මල්කාන්ති, ව්‍යාපෘති කළමණාකරැ අනුලා උඩුගම, ව්‍යාපෘති සහකාර ශිරෝමි යන මහත්මින්ගේ සංවිධාන ශක්තියෙන් මෙම  පාඨමාලාව සංවිධානය විය. සාරි ජැකටි මැසිමේ නිරතවන හා ඒ සදහා උනන්දුවක් දක්වන පිරිසක් මේ සදහා සහභාගිවිය.

රංජන් අබේසේන
ගමන විශේෂාංග සන්නිවේදක

No comments:

Post a Comment