Saturday, October 14, 2017

බලපිටිය සමෘද්ධි හරිත උයන කන්දෙගොඩ ශ්‍රී නාග පුෂ්පාරාම විහාරස්ථානයේදී


    සමෘද්ධි හරිත උයන වැඩසටහන යටතේ බලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වැඩසටහන කන්දෙගොඩ ශ්‍රී නාග පුෂ්පාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විය. පැල සිටුවීමේ සමාරම්භක උත්සවයට කන්දෙගොඩ සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධානාචාර්ය රන්දොඹේ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ සහ බලපිටිය ප්‍රාදේශිය ලේකම් අනුරාධි මැතිණිය සහභාගිවිණි. කන්දෙගොඩ සිරි වජිරඤාණ දහම් පාසලේ ළමුන්, ගුරුවරුන් මෙම පැල සිටුවීම සදහා සහභාගිවි සිටුන අයුරැ දැකගත හැකි විය. මෙම හරිත උයන වැඩසටහන බලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය සංවිධානය කරන ලදී. 

එච්. ජගත් ප්‍රියන්ත සිල්වා
සමෘද්ධි සන්නිවේද
බලපිටිය

No comments:

Post a Comment