Saturday, October 14, 2017

ජාතික ආහාර නිශ්පාදන සතිය අවසන්

   අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව පසුගිය 5දා සිට 12දින දක්වා සතියක් රටපුරා ක්‍රියාත්මක වූ ආහාර නිශ්පාදන සංග්‍රාමය වැඩසටහන කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද ඉතාම සාර්ථකව අවසන් විය.

   5 වනදා ලේනගල සේනාසන විහාරස්ථානයේ පැවැති පිංකම ආගමික දිනය වෙනුවෙන් සමාරම්භය වූ මෙම සතියේදී. 6 දින ගොවි කන්න රැස්වීම් මාලාවක් පවත්වා පුරන් කුඹුරු අස්වැද්දීමට යොමු කිරීම. 7 වනදා ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේදී අධ්‍යාපනික සංවර්ධන වැඩසටහනක් පැවැත්විම. 8 වනදා කුරුදුගහ සහ ජයබිම වසම්වල සියළු පලතුරු ගස් කප්පාදු කිරීමේ වැඩසටහනක් පැවැත්විම. 9 වනදා කාර්යාලයීය නිලධාරීන් සදහා ආයුර්වේද සෞඛ්‍ය වැඩසටහනක් සහ කරන්දෙනිය, ඌරගස්මන්හන්දිය  ගොවිජනසේවා මධ්‍යස්ථානවල ශ්‍රමදාන දෙකක් පැවැත්විම. 11 වනදා ප්‍රදේශයේ අනාගත මත්ස්‍ය අවශ්‍යතාව සදහා කිරිපේද්ද වැවට මිරිදිය මත්ස්‍ය පැටවුන් 15000 ක් මුදාහැරීම. 12 වනදා කරන්දෙනිය පොළිස් ස්ථානය සහ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා කාර්යාලය එක්ව පාසල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් සහ කරන්දෙනිය ගොවිජන සේවා මධ්‍යස්ථානය සිය 60 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පැවැත්විම ආදීවශයෙන් ඉතාම උසස් මට්ටමින් සති වැඩසටහන කරන්දෙනිය කොට්ඨාශයේ ආයතන පද්ධතිය විසින් සංවිධානය කරන ලදි.

   මෙම වැඩසටහනට කරන්දෙනිය සමෘද්ධි අංශයේද සියළු සංවර්ධන  නිලධාරීන්ගේ සහභාගීත්වය ක්‍රියාකාරීව ලබාදීමට ප්‍රාදේශීය ලේකම්තුමා සහ මූලස්ථාන කළමණාකරු කටයුතු සංවිධානය කොට තිබිණ. 

   මෙම ක්‍රියාවලියතුල ප්‍රාදේශයේ ජනතාවට බොහෝ වරප්‍රසාද හිමිවූ අතර කොට්ඨාශයේ ප්‍රධාන දේශපාලන නායකත්වය, රාජ්‍ය ආයතන ප්‍රධානීහු සමග සේවක පිරිස්ද ඉතාම කැපවීමෙන් සාර්ථකව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එක්ව සිටියහ. 

මෙහිදි කිරිපේද්ද වැව පිලිබඳ විශේෂ යමක් සටහන් කලයුතුය. මෙම වැව දීර්ග ඉතිහාසයක් තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එකම වැව බව ප්‍රකාශ විය. ශ්‍රී විජයසුන්දරාරාම විහාරය පාමුල ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පය මනාව ඔප් නැංවෙන ස්ථානයක පිහිටි වැව 2016 වසරේ තරුණසේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහනට ඇතුළත් කොට වැවවටා ඇවිද යාමට පාර සකසා සෙවණ ගස් සිටුවා මනස්කාන්ත පරිසරයක් වැව ආශ්‍රිතව නිර්මාණය කොට වැව තුල ගමන් කිරීමට අඝුලක්ද සපයා ඇත.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment