Wednesday, October 4, 2017

ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් වැඩසටහන් පිටිදුවේදී


  ඔක්තෝම්බර්   පලමුවන  දිනට යෙදුණු  ලෝක  ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් අද්‍යාත්මික  සංවර්ධනය තුළින්  සතුටු  පවුල්  යන  තේමාව යටතේ  වැඩසටහනක්  පසුගියදා පිටිදුව බෝදරගනේ විහාරස්ථානයේ දි පැවැත්විය. හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් යටතේ සිදුකල මෙම වැඩසටහන පිටිදුව තිස්සගිරි පුරාණ විහාරාධිපති පූජ්‍ය විජයබාහුපුර අත්ථකුසල හිමි විසින් සිදුකරන ලදී.

  මිනිස් සිත පිලිබඳ විග්‍රහයක් සිදුකල අතර සිත් සංවර්ධනය තුළින් මානව වර්ගයාගේ සංවර්ධනය සිදුවීම පිලිබඳ විග්‍රහ කරන ලදි. මේ සඳහා මූලස්ථාන කළමණාකාරු මොහාන් චිත්‍රලාල්, ව්‍යාපෘති කළමණාකාරු ටී.ඩබ්.ජී.ඩබ්. කුමාර මහතා, ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හා අසල්වැසි ග්‍රාම නිලධාරී වසම් වල සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ද සහභාගී වූ අතර පිටිදුව ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සාලිය ඩයස් ගුණසේකර මහතා හා පිටිදුව සමෘද්ධි ප්‍රජාමූල සමිතියේ සාමාජිකයන් විසින් මේ මහත් වූ සත්කාරය සංවිධානය කර තිබුණි.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

No comments:

Post a Comment