දකුණු පලාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාන්තාභිවෘද්ධි අංශයේ කරන්දෙනිය කාන්තාභිවෘද්ධි මධ්‍යස්ථානයේ 2016/17 කණ්ඩායමේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සහ අලෙවිපොල කරන්දෙනිය සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ආර්.ටී. චන්දිමා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
කොට්ඨාශයේ ග්‍රාම සංවර්ධන සමිති පදනම් කරමින් තෝරාගත් ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් පවත්වන අත්කම් පුහුණු පාඨමාලාව අවසානයේදී මෙම ප්‍රදර්ශනය සහ අලෙවි පොල වාර්ෂිකව සංවිධානය කරන බව ග්‍රාම සංවර්ධන නිලධාරී සුමිත් අබේසිංහ මහතා පැවසීය.
විසිතුරු කේක් නිර්මාණ, ඇදුම් මෝස්තර, දොර ජනෙල් තිරරෙදි නිර්මාණ සහ තවත් විවිධ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය මෙන්ම අලෙවි කටයුතු මෙම වැඩසටහනට ඇතුළත් වූ අතර විශාල පිරිසක් මිලදී ගැනීම සහ නිර්මාණ නැරඹීමට එක්ව සිටියහ.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තාභිවෘද්ධි මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් 19ක් පිහිටුවා ඇති බවත් එම ඕනෑම ස්ථානයකදී අවශ්‍යතාව තිබෙන කාන්තාවන්ට අත්කම් පුහුණුවීම් ලබාදීමට තම ආයතනය සූදානම්ව සිටින බවත් දිස්ත්‍රික් ප්‍රධාන මැහුම් උපදේශිකාව පැවසීය.
එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය
No comments:
Post a Comment