Saturday, November 25, 2017

ආපදා කළමණාකරණය පිළිබදව රාජ්‍ය නිලධාරින් පුහුණු කෙරේ


   පදා කළමණාකරණය හා ආපදා තත්ත්වයකදි මිනිස් ජිවිත හා දේපල ආරක්ෂා කිර ගැනිම සදහා අනුගමනය කල යුතු ආකාරය පිළිබදව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ශ්‍ර‍වණාගාරයෙදි පැවැත්විය.

   ශ්‍රි ලංකාවේ පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වයන් හමුවේ වර්ෂයේ වැඩි කාල පරාසයක් තුලදි දැඩි වර්ෂාවක් ඇද හැලෙන මධ්‍ය කදුකරයේ බටහිර බෑවුමේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහොමයක් ස්ථාන මිලි ලිටර් 100 ට වැඩි වර්ෂාවක් නොනැවති ඇද හැලිම තුල නාය අවධානම් සහිත ප්‍රදේශ ලෙස නම් කෙරේ.

   ජල පෝෂක ප්‍රදේශයන්ගෙන් සමන්විත ස්වභාවික දිය ඇලි වලින් ගහන වු මනරම් ප්‍රදේශයක් වුවද මිනිසාගේ නොවිදිමත් ඉදිකිරිම්.ගස් කැපිම් හා කැලෑ හෙලිකිරිම්, ගිනිතැබිම්, අවිදිමත් ඉදිකිරිම් හා නොයෙකුත් හේතුන් නිසා පස් කදු කැණිම් කිරිම හේතුවෙන් ස්වභාවික විපත් ඇති විමේ දැඩි අවධානම් තත්ත්වයන් උද්ගත වු අවස්ථා තිබේ. විශේෂයෙන් කදු කඩා වැටිම්, නාය යාම, ගංවතුර තත්ත්වයන් හමුවේ මෑත ඉතිහාසය තුල කදුකරයේ ජනතාවගේ ජීවිත අහිමිවීම, දේපල විනාශවීම, අවතැන් වීම් බොහෝමයක් වාර්තා වි තිබේ. එවන් අවස්ථා වලක්වාලීමට විදිමත් පියවර අනුගමනය කිරිම, පුර්ව සුදානම හා ආරක්ෂත ක්‍ර‍මවේද අනුගමනය කිරිම මෙන්ම ආපදාවකින් පසු විපතට පත්වුවන් සදහා සහන සැලසීම කළමණාකරණය කිරිම, රාජ්‍ය නිලධාරින් ලෙස නිතිමය පියවර ගැනිම හා ජනතාව දැනුවත් කලයුතු ආකාරය පීළිබදව විචාරාත්මකව දැනුවත් කිරිම මෙහිදි සිදුකරන ලදි.

   අඹගමුව කෝරළය ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයේ වසම් 67 ක් තුල සේවය කරන සමෘද්ධි සංවර්න නිලධාරින්, ග්‍රාම නිලධාරින් වෙනුවෙන් පැවැත්වු වැඩමුළුව තුලදි අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් ටි.පි. සුමනසේකර මහාතා, ජාතික ගොඩනැගිලි පරයේෂන සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් භුවිද්‍යාඥයින් වන මාලක හෙට්ටිආරච්චි, දිලුෂි සිරිවර්ධන, ආපදා සහන සේවා නිලධාරින් වන පි. ශක්තිවේල්, සුමුදු ප්‍රියංකර, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එච්.එම්.එන්.පි බංඩාර යන මහත්ම මහත්මින් දේශන පැවැත්වුහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment