Monday, November 27, 2017

කරන්දෙනියේ ඉදිවන පුංචි ශ්‍රී පාදය


   රන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික ස්ථාන 3කි. මහගොඩ ශෛලතලාරාමයේ දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිමය. කිරිපේද්ද ශ්‍රී විජයසුන්දරාරාමය ඇසුරේ ගාල්ල දිස්ත්‍රික්කයේ එකම වැව සහ හිපන්කන්ද ශ්‍රීපාද මහ විහාරස්ථානයේ පුංචි ශ්‍රීපාදය වේ.

   දිගම පිළිමය සහිත විහාරය දෑහිතකාමීන්ගේ මැදිහත් වීමෙන් දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර කිරිපේද්ද වැව පසුගිය වසරේ ජාතික තරුණ සේවා සභාවේ යූත්විත් ටැලන්ට් යටතේ සකස් විය.
පුංචි ශ්‍රීපාදය යූත්විත් ටැලන්ට් 2017 වැඩසටහනේදි හිපන්කන්ද සමාධි යෞවන සමාජයේ දරුවන්ගේ මැදිහත්වීම මත මේවනවිට ශ්‍රද්ධාවන්තයින්ගේ වන්දනාමානයට සුදුසු පරිදි සැකසෙමින් පවතී.

   කරන්දෙනිය තරුණ සේවා නිලධාරී ගාමිණී එදිරිසිංහ මහතා කොට්ඨාශයේ ඓතිහාසික ස්ථාන පිලිබඳ අවධානය යොමු කරමින් සිය තරුණ කණ්ඩායමේ ශක්තිය යොදවා කරන මෙම කටයුතු නිරීක්ෂණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ මහ දිසාපති එස්.ටී. කොඩිකාර මහතා පසුගියදා පැමිණියා. 

  ශ්‍රී පාද පද්මය පිහිටි සමනල කන්දේ පිහිටි සියළුම අංග සහිතව මෙම ස්ථානය සංවර්ධනය කිරීමට විහාරාධිපති හිපන්කන්දේ සද්ධාසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ඇඹිලිපිටියේ රාහුල හිමියන් සකසා ඇති සැලැස්ම අගයමින් මහ දිසාපතිතුමා තරුණ සේවා නිලධාරී ප්‍රමුඛ යෞවන සමාජයේ සාමාජික පිරිස සමග කදු මුදුන වෙත පිවිස ස්ථානීය ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර යූත්විත් ටැලන්ට් දිස්ත්‍රික් තේරීම් සදහා ලකුණු ලබාදීමද සිදුකරන ලදි.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි  සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment