Monday, November 27, 2017

සමෘද්ධි ආදර්ශ ගම්මාන රටටම ආදර්ශයක් සේ නගා සිටුවන්න


   පොළොන්නරුව සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන පොළොන්නරුවට පමණක් නොව රටටම ආදර්ශයක් සේ නගා සිටුවිමට සියළුම  සමෘද්ධි නිලධාරින් කටයුතු කලයුතු බවත්, මෙම ආදර්ශ ගම්මාන මෙන්ම සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ සමෘද්ධි අරුණළු වැඩසටහනේ ප්‍රතිලාභින්ගේ ජිවනෝපාය සංවර්ධන වැඩටහනද ඔවුන්ගේ ආදායම් වර්ධනයවීම කෙරෙහි මනා පසු විපරමකින් කටයුතු කිරිමෙන් සමෘද්ධි වැඩසටහනේ ඉලක්කයන් සපුරාගත හැකිය. පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සමෘද්ධි දිස්ත්‍රික් අධ්‍යක්ෂක  ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ 2017.11.20 දින පැවති  දිස්ත්‍රික් සමෘද්ධි ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

   තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 නියෝජනය කරමින් සියළුම කළමණාකාර මහත්ම මහත්මීන් සහ සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් සහභාගිවී සිටින ලදි. සමාජ සංවර්ධනය, නිවාස සංවර්ධනය, ආදර්ශ ගම්මාන, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ඇතුළු සමස්ථ වැඩසටහන් පිළිබදව පසුවිපරමක් මෙන්ම ඉදිරි ඉලක්ක පිලිබදව මෙහිදී සාකච්චා කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment