Thursday, November 23, 2017

අරණායකට සමෘද්ධියෙන් කම්හල් ගමක්


   රණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි වැඩසටහන වසම් 61 ක්‍රියාත්මක වෙමින් පවති. මෙහිදි වසම් මට්ටමින් ඇති සම්පත් හා ප්‍රජාවගේ හැකියාව පදනම් කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2017 වර්ෂයේ සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන යටතේ ඇපලාව කම්මල් ගම්මානයක් ඇති කිරිමට අපේක්ෂා කරයි.

   ඒ අනූව ඇපලාව වසමේ ප්‍රජාවගේ සුවිශේෂි හැකියාවන් පදනම් කර ගනිමින් ආදර්ශ ගම්මානයක් ඇති කිරිමට සමෘද්ධි වැඩසටහන යටතේ අපේක්ෂා කෙරේ. දැනට කම්මල් කරුවන් 25 දෙනෙකු ද රන් කර්මාන්තයේ නිරත පුද්ගලයින් 02ක්ද වන අතර වඩු කාර්මිකයින්  08 දෙනෙකුද පෙදරේරු කර්මාන්තයේ 15 දෙනෙකුද ඇදුම් මසන්නන් 02 ක් ද කොසු ඉදල් නිෂ්පාදකයින් 02 ක් ද පොල්කටු නිෂ්පාන සිදු කරන අය 05 ක් ද ලී කැටයම්කරුවන් 01 ක්ද ගෙවතු 50 ක් ද  හා කිරිගව පාලනය කරන්නන් 02 ක් ද වශයෙන් කර්මාන්තවල නිරත වන ප්‍රජාවක් සිටින මෙම ගම ආර්ථික මෙන්ම ආධ්‍යත්මික වශයෙන් සංවර්ධනය කිරීම උදෙසා සුවිශේෂි මෙහෙවරක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවෙන් ඉටු කරයි. 

   දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ පී.ඒ.ටී. කුසුම්සිරි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මැතිතුමා, සමෘද්ධි අංශයේ ව්‍යපෘති කළමණාකරු ඩබ්.ජී. ආරියරත්න මයා, කළමණාකාර අධ්‍යක්ෂ ලකී බෙන්හර් මයා, මූලස්ථාන කළමණාකරු ආර්.පී. අනුලාවතී මිය, ව්‍යපෘති සහකාර ලක්රුවන් වික්‍රමගේ මහතාද, ඇතුලු සමෘද්ධි අංශයේ නිලධාරීන්ද සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලබයි. ඒ සඳහා  සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවෙන් රු.1786340.00 ක ප්‍රතිපාදන ලබා දී ඇත.

   මේ වන විට ප්‍රතිලාභීන් 15 දෙදෙනකුගේ කම්මල් ගෘහ ඉදිකර ගැනීම සඳහා අමානෝ ෂීට්, කොන්ක්‍රීට් කණු, මුදුන් උළු, ගඩොල්, සිමෙන්ති මිටි වැනි ද්‍රව්‍ය ලබා දී ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2017.11.06 දින අරණායක කොට්ඨාශයේ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන්ගේ  හා ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ සහභාගිත්වය ඇතිව අරණායක  ප්‍රාදේශිය ලේකම් තුමාගේ හා සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ හා ව්‍යපෘති කළමණාකරුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය. තවද ඇපලාව වසමේ රාජ්‍ය නිලධාරීන් සඳහා ඉදිකිරීමට අපේක්ෂිත නිල පියස සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2017.11.05 දින පැවැත්විය.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment