Thursday, November 23, 2017

ව්‍යාපාරික සායනයක් ගාල්ල කඩවත් සතරට


  ස්වයං රැකියාවල නියුක්ත ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ලාභීන් සදහා ව්‍යාපාරික සායනයක් 2017.11.04 දින ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

  මෙහිදී ඇසුරුම්කරණය, ලේබල්කිරීම, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සහ හොද වෙලද පොලක් ලබාගැනීම පිලිබද දැනුවත් කරන ලදි.

  මේ සදහා ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පුලින රණසිංහ මයා, ආහාර තාක්ෂණ උපදේශිකා පුෂ්පා චාන්දනී සෙනෙවිරත්න මිය, ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකාර කේ.ජී.ඒ. ගුණසේකර මයා සහ කිරුම් මිණුම් සේවා පරීක්ෂක කේ.එච්.ජී. දමින්ද මයා සම්පත් දායකත්වය ලබාදුනි.

  මෙම අවස්ථාවට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මූලස්ථාන කලමණාකරු, ව්‍යාපෘති කළමණාකරු, මහසංගම් කලමණාකාර අධ්‍යක්ෂ සහභාගී විය

පී.එස්. දම්මික සෙනරත්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල කඩවත් සතර

No comments:

Post a Comment