Thursday, November 23, 2017

සියක් වසකට පසු කහදුව මහ විහාරයේ නව කොත් වහන්සේ පැලදේ


   ශ්‍රි ලංකීය සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ වැවයි දාගැබැයි ගමයි පන්සලයි සංස්කාතිය තුලය. ගමක මුදුන් මල්කඩ වන්නේ එම ගම තුල පිහිටි පන්සල හා පාසලය. මෙවැනි පොදු ස්ථාන පිළිසකර කිරිමට තම ශ්‍රමය ධනය පරිත්‍ර්‍යාග කිරිමට කිසිම විටක පසු නොබසියි.

   එවැනි අති දුර්ලභ පිං කමක් අද දින  කහදුව සංඝ පරම්පාරාවේ හා වතුරැවිල වන වාස සංඝ පරම්පාරාවේ ආරම්භක ස්ථානය වු අති පුජනීය වු ඇල්පිටිය, කහදුව පරම විසුද්ධාරාම පුරාණ මුල මහා විහාරයේදී සිදු වෙමින් පවතී. ඉපැරණි විහාර මන්දිරයේ හා විශ්ණු දේවලා මන්දිරයේ නව කොත් වහන්සේලා පැලදවීම අද දින (23) යොදුනු සුභ මෙහොතින් සිදු විය.

   අති පුජනීය මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජජායනා සමගින් ප්‍රථමයෙන්ම විහාර මන්දිරයේ කොත් පැලදවිම සිදු කල අතර ඉන් අනතුරැව විශ්ණු දේවාල මණ්දිරයේ කොත් පැලදවීම සිදුවිණි. මෙම අවස්ථාවට විශාල සැදැහැවතුන් පිරිසක් පැමින කොත් වහන්සේලා වැද පුදා ගන්නා ලදී. 

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment