Thursday, November 23, 2017

තවාන් සහ බද්ධ ක්‍රම පිලිබඳ පුහුණුවීමක් කරන්දෙණියට


  රන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ව්‍යාපෘති අංශය මගින් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ තෝරාගත් සේවාලාභීන් පිරිසක් වෙත නවීනතම තවාන්ක්‍රම සහ බද්ධ පැල වර්ග නිශ්පාදනය පිලිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් කාර්යාලයීය විධාතා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ගාල්ල දිස්ත්‍රික් බටහිර කලාපයේ කෘෂිකර්ම පුහුණු විෂයභාර නිලධාරී දුමින්ද කනහැර මහතාගේ සම්පත්දායකත්වයෙන් කරන්දෙනිය කොට්ඨාශයේ සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන යටතේ පහසුකම් ලද ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල යෙදී සිටින අඩු ආදායම්ලාභී කණ්ඩායමක් වෙනුවෙන් පැවැති මෙම වැඩසටහනේදි කාර්යාලයීය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී දැනුම ලබාගත් බව නිරීක්ෂණය විය.

  ඉදිරි සතියේදී ජීවනෝපාය සංවර්ධනය සදහා පහසුකම් සැපයීමතුල ලබාදෙන උපකරණ ප්‍රධානයේදීද මෙහිදී පුහුණු කරනලද කණ්ඩායමෙන් තෝරාගත් පිරිසක් වෙත අවශ්‍යතාව පරිදි උපකරණ ලබාදීමට සූදානම්ව ඇතිබව සමෘද්ධි ව්‍යාපෘති කළමණාකරු සමන්ත බේරුවලගේ මහතා සමෘද්ධි ගමන වෙත ප්‍රකාශ කලා.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේද
කරන්දේණිය

No comments:

Post a Comment