Tuesday, December 12, 2017

පිරිවෙන් නේවාසික හිමිවරුනට සමෘද්ධිය



   පිරිවෙන් අධ්‍යාපනය සුවිශේෂිය. පැවිදි සාමනේර හිමිවරුන් අතර පිරිමි ළමුන්ද සමග ගිහි සහ පැවිදි ගුරුවරුන් පිරිසක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එක්වී සිටියි. වනපොත් කිරීම හෙවත් කටපාඩම් කිරීම බොහෝ විෂයයන්හි අනිවාර්ය වේ. ගමේ සිටින ඉගෙනුම් දක්ෂතා අඩු දරුවන් අධ්‍යාපනය ලබන්නේ බොහෝවිට පිරිවෙනේය. අධ්‍යාපනික කටයුතු සවස් කාලයේදී සිදුවන අතර විෂය නිර්දේශයද වෙනස්ය.

   මා මේ අත්දැකීම ලබන්නේ කරන්දෙනිය මඩකුඹුර සිරි අභයතිස්ස මහ පිරිවෙන ඇසුරෙහිය. පූජ්‍ය පණ්ඩිත ගිනිගලපෙදෙසේ සුධම්ම හිමි එහි පරිවෙනාධිපතිව කටයුතු කරමින් සිටියි. "අපේ පිරිවෙනේ කාර්යාලය, ගුරු විවේකාගාරය, පරිඝණක ඒකකය, පුස්තකාලය සහ පන්ති කාමර ශාලා දෙකක් තිබෙනවා. ගිහි පැවිදි ඕනෙම කෙනෙකුට මෙහේ නේවාසිකයකු ලෙස ඉගෙන ගන්නට හැකියාව තිබෙනවා. නේවාසික සහ ප්‍රත්‍ය පහසුකම් අපි නොමිලයේ සපයනු ලබනවා. අපේ පංසලේ නේවාසික සියළුම සාමනේර හිමිවරුන් සමෘද්ධි සහනාධාර ලබනවා. පසුගිය සමයේ පිරිවෙනේ ඉවත්වන හිමිවරුන්ගේ සහනාධාර ආපසු රජයට ගත්ත. දැන් අළුතෙන් පැවිදි වෙන හිමිවරුනට ඒවා හරවා දෙනවා. අපට ඒක ලොකු ශක්තියක්."

  මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් වෙතින් විමසුවා. "ඔව් පසුගිය කාලයේ හිමිකාරිත්වය ඉවත්වන සමෘද්ධි සහනාධාර ආපසු හරවා  යවමින් සිටියා නමුත් දැන් කොට්ඨාශයේ උපරිමයට යටත්ව ගිහි පැවිදි වෙනසක් නැතිව සහනාධාර අයිතිය සංශෝධනය කරන්න අවසර තිබෙනවා" ගිහි සමාජයේ අවධානය යොමු කලොත් දරුවන්ට ඉගෙන ගන්න බැරිනිසා අධ්‍යාපනය අත්හැරීම වෙනුවට පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරවා චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන සංවේදී පුරවැසියන් පිරිසක් බිහි කිරීමට දායකත්වය දීමට අපට හැකියාව තිබෙනවා.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment