Tuesday, December 12, 2017

පහේ හපනුන්ට සමෘද්ධියෙන් පාසල් උපකරන


   2016 මැයි 17 දින අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දකුණු ආසියාවේ දෙවන විශාලතම නාය යෑමෙන් එළඟිපිටිය වසමේ පුද්ගලියින් 100 කට අධික පිරිසක් මිය ගොස් නිවාස 48 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ විය. එයට සමගාමිව තවත් වසම් ගණනාවක නායයැම් සිදු විය. අම්බලකන්ද වසමේ සහ එළගිපිටිය යන වසම් වල අවධානම් සහිත නිවාසවල ජීවත් වු ජනතාව කොට්ඨාශයේ කඳවුරු ගණනාවක් ජිවත් වූ අතර 2016 සිට වර්ෂයක් ගතවන විට මෙම කඳවුරුවල සිටි ප්‍රජාව සඳහා ස්ථීර වාසස්ථාන ලබාදීම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් Z.A.M. ෆයිසල් සහ අනෙකුත් නිලධාරින්ගේ කැපවීම මත ලබාදිමට හැකි විය.

  2017 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී G.ආකර්ශිකා තක්ෂිකා දියණිය උස්සාපිටිය ක්‍රිඩාංගනයේ දී පවතින කඳවුරු වල සිට දුෂ්කර පසුබිමක පාඩම් කරමින් ලකුණු 171 ක් ලබාගත් අතර තල්ගස්පිටිය මුස්ලිම් වසමේ පහසුරවත්ත කඳවුරේ ජීවත්ව W.A.සේමිණි උදාන දමනි විජේසූරිය දියණිය  ඉතා දුෂ්කර ලෙස අධ්‍යපන කටයුතු කරමින් ලකුණු 185 ක් ලබා ගෙන ඇති බවත් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කල දරුවන්ගේ දෙමාපියන් හා දරුවන්ට සම සභාපති අධිනීතිඥ ලලිත් දිසානායක මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් Z.A.M. ෆයිසල් මැතිතුමා, ඇතුලු ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2017.12.11 දින සම්බන්ධීකරණ රැස්වීමේදි සමාජ සංවර්ධන අරමුදලින් පාසල් උපකරණ කට්ටලයක් පිරිනමන ලදි.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment