Thursday, December 14, 2017

කරන්දෙනියේ සමෘද්ධිලාභීන්ට විශ්‍රාම වැටුප්


   මාජ සවිබලගැන්වීම්, සමාජ සුභසාධන සහ කන්ද උඩරට සංවර්ධන අමාත්‍යාංශය යටතේ වූ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක සුරක්ෂා යෝජනා ක්‍රමයතුල කරන්දෙනිය කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් විශ්‍රාම වැටුප් අරමුදලට සාමාජිකයන් ලෙස ඇතුළත් කිරීම පසුගියදා ආරම්භ කරන ලදි.

  තමන්ගේ වයස පදනම් කොට මාසිකව වාරික වශයෙන් දායකත්ව මුදල් ගෙවා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව මාසිකව විශ්‍රාම වැටුප් ගෙවීම සිදුවෙයි. ඊට අමතරව සාමාජිකත්වය ලබන දරුවන් විශේෂ අධ්‍යාපන කඩඉම් ජය ගන්නා සෑමවිටම යෝජිත විශ්‍රාම වැටුප් මුදල මෙන් දෙගුණයක් පරිත්‍යාගයක් ලෙස ලැබෙයි. උදාහරණයක් ලෙස වයස අවුරුදු 10ක දරුවෙක් රුපියල් 10000/=ක විශ්‍රාම වැටුපක් සදහා දායක වන්නේනම් මාසික වාරිකය රුපියල් 280/=කි. දරුවා ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින් සමත්වීමේදී වරකට රුපියල් 20000/=ක් බැගින් එම සෑම අවස්ථාවකදීම ලැබෙයි.

   මෙම ක්‍රමය අඩුආදායම්ලාභී ප්‍රජාවගේ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කිරීමට සහ ඉතුරුම් ප්‍රවනතාව වර්ධනයට ඉමහත් රුකුලක් බව පැහැදිලිවන බැවින් උනන්දුවෙන් මැදිහත්වී තම සේවාලාභීන් යොමු කිරීමට කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් විසින් ලබාදුන් උපදෙස් අනුව වසම්භාර සමෘද්ධි නිලධාරීන් ඉතා කැපවීමෙන් ක්‍රියාත්මක වී පලමු දිනයේදී විශාල පිරිසක් යෝජනාක්‍රමයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලද අතර ග්‍රාමනිළධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරී පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment