Wednesday, December 13, 2017

සමෘද්ධි අභිමානී උඳුවප් දැක්ම අලෙවි ප්‍රදර්ශනය දෙසැ 14 හා 15 ගාල්ල ක්‍රිඩා මන්ඩප පරිශ්‍රයේදී


   ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය විසින් සංවිධානය කරනු ලබන සමෘද්ධි අභිමානී උදුවප් දැක්ම අලෙව් ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා (දෙසැ 14,15) යන දිනයන්හිදී ගාල්ල ක්‍රිඩා මන්ඩප පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

   ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී පැතිරී සිටින සමෘද්ධි ව්‍යාපාරය හරහා ව්‍යාවසායකයින් බවට පත්වු ග්‍රාමීය ව්‍යවසායකයින් එකසිය පනහකට අධික පිරිසකගේ නිශ්පාදන මෙම වෙළද ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය. විසිතුරු මල්පැල,  කෘෂි උපකරණ, පොහොර, නිමි ඇදුම්, තිරරෙදි, ස්වර්ණාභරණ, විසිතුරු අත්කම් නිර්මාණ, විසිතුරු මසුන්, එසැනින් පිසින ලද කැවිලි වර්ග හා වස විසෙන් තොර ආහාර පාරිභොගිකයන්ට ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට මෙම වෙළද ප්‍රදර්ශනය හරහා අවස්ථාව උදාවන අතර එම නිශ්පාදන පිළිබද තොරතුරු එහි නිශ්පාදකයා වෙතින්ම දැනුවත් වීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

   ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ උපදේශකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මහත්මිය ඇතුළු ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර වෙළද ප්‍රදර්ශනයේ අවසන් දින පස්වරු 2.00ට ඒ සදහා සහභාගි වු හොදම ව්‍යවසායකයින් හා ඔවුන්ගේ නිශ්පාදන ඇගයීම සදහාද කටයුතු සුදානම් කර ඇත.
දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය හා දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සහභාගීත්වයෙන් දෙසැ 14 වැනි දින පෙරවරු 9.00 ට ප්‍රදර්ශනයේ කටයුතු ආරම්භ වන අතර දින දෙක පුරාම සවස 6.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමටද නියමිතය.

   එලැඹෙන නව වසර සඳහා හිතේ හැටියට අරගෙන යන්න තේමාවෙන් සංවිධානය වන මෙම වෙළද ප්‍රදර්ශනය හා සැනකෙළිය සඳහා සහභාගී වෙමින් මෙම නවමු අත්දැකීම  හා එක්වන ලෙස සියළු දෙනා වෙත ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය ආරාධනා කර සිටි.

ඩී.ඒ.පී. සුරංජිත්
දිස්ත්‍රික් සමෘද්ධි සන්නිවේදක

No comments:

Post a Comment