Friday, December 8, 2017

ප්‍රාදේශීය සමෘද්ධි ව්‍යාපාරික සංගමයට නව නිලධාරීන්......


    ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සමෘද්ධි ව්‍යාපාරික සංගමයේ වාර්ෂික මහා සභාව 2017.12.06 දින ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලායේ පරිපාලන නිලධාරී වරුණ තන්තිරිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීම සදහා කොට්ඨාශයේ ලියාපදිංචි සමෘද්ධි ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සහභාගී විය.

   පැරණි නිලධාරීනගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් හිටපු සභාපති තුමිය විසින් සිදු කල ස්තුති කථාවෙන් අනතුරුව නව නිලධාරී මංඩලය තෝරාපත් කර ගත් අතර අභිනව සභාපති වශයෙන් ආර්.කේ. චමිලා චාමරී මහත්මියත්, ලේකම්වරිය ලෙස ගුණසීලී තුඩුවගේ මහත්මියත්, භාණ්ඩාගාරික ලෙස ෂිහාරි ශෂිකලා මහත්මියත් තේරීපත් වූ අතර නව සාමාජිකයන් සංගමය වෙත බදවා ගැනීමද මෙහි දී සිදු කෙරුණි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment