Tuesday, December 12, 2017

සමෘද්ධි ලොතරැයි දිනුමෙන් හිසට සෙවණක්


  බරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 144 ඊ කොග්ගල අතිරේක II ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රෝහිණී විජේසිංහ මහත්මිය සමෘද්ධි ලභියෙකි. අැයගේ පවුලේ සමාජික සංඛ්‍යාව 4 දෙනෙකි. වැඩිමහල් පුතා ආබාධිත තත්ත්වයෙන් පසුවන අතර අනෙක් දරුවා පාසල් වියෙහි පසුවෙයි. ස්වමියා කුලීවැඩ කරමින් මෙම පවුල නඩත්තු කරන අතර ඔවුන් ජීවත් වන නිවස ඉතාම අබලන් තත්ත්වයේ අැත. 

   අැයට මෙන්ම මෙම පවුලේ වැඩිමහල් දරුවාට ද නිවසක් තනාගැනීමට තිබුණේ ඉමහත් උත්සාහයකි. නමුත් මේ සඳහා ඔවුන්ට මූල්‍ය ශක්තියක් නොතිබුණි. සමෘද්ධි වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන නිවාස ලොතරැයි ජයග්‍රහණයක් අැයට පසුගිය දින ලැබුණි. එම ජයග්‍රහණය ලද අැයට එය මුලු ජීවිත කාලය පුරාවට සපුරා ගත නොහැකි ව සිටි සිහිනයක් වූ තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට මෙම ලොතරැයි දිනුම අැයට උදාකල වාසනාවක් බව අැය සමෘද්ධි ගමනට පැවසුවාය. මෙම ලොතරැයි දිනුමෙන් ලත් මුදලින් තමන්ගේම නිවසක් සාද ගැනීම සඳහා මුල්ගල් තබන ලදි. ඉක්මනින්ම තමන්ගේම නිවසක පදිංචි වීමේ බලාපොරොත්තුවෙන් අැය පසුවෙයි. 

   මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා හබරාදූව සමෘද්ධි මූලස්ථාන කළමණාකාරු මොහාන් චිත්‍රලාල් මහතා, ව්‍යාපෘති කලමණාකාරු M.K.ජයන්ත මහතා, කොග්ගල සමෘද්ධි බැංකු කලමණාකාරු ප්‍රියානි මල්කාන්ති මහත්මිය, සමෘද්ධි නිලධාරීන් වන M.වික්‍රමසිංහ මහතා හා ජයන්ත වික්‍රමසූරිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

No comments:

Post a Comment