Monday, March 26, 2018

වතුජනතාවගේ නිතිමය ගැටලු විසදීමට ජංගම සේවයක්


    තුකරයේ ජනතාවගේ දෛනිකව මුහුණපාන නිතිමය ගැටළු සදහා විසදුම් ලබාදිම වෙනුවෙන් පැවැතිවු ජංගම සේවය තලවාකැලේ දි සිදුකෙරින.

    ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මඟින් පවත්වනු ලබන  නීතිමය ලේඛන ලබා දීමේ  එක්දින ජංගම සේවාවක්  ඊයේ (26) දිනයේදි තලවකැලේ දෙමළ මහ විදුහලේදී පැවැත්විණි.

   උප්පැන්න සහතික හා  විවාහ සහතික ලබා ගැනීමේදි ඇති වී තිබෙන ගැටළු නිවරදි කිරීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා අවශ්‍ය මුලික කටයුතු සිදු කිරීම, සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීමේදි ඇතිවෙන ගැටළු, විශ්‍රාමිකයන්ට එල්ල වී ඇති ගැටළු මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නීති අධාර කොම්ෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඉඩම් ප්‍රතිශස්කරණ කොමිසම් සභාව, ඇතුළු රාජ්‍ය ආයතනයන් රැසක සේවා පහසුකම් ජනතාවට මෙහෙදී සපයාදීමට කටයුතුකර තිබිණි.

   නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තලවකැලේ, කූමුඩ්, බෙයාවේල්, ලිඳුල, නාගසේන, ඩෙවෝන්, රත්නගිරිය, හොලිරූඩ්, සමරසෙට් හා ග්‍රෙස්වෙස්ටන් යන ග්‍රාම නිලධාරී වසම් ඉලක්ක කර ගනිමින් මෙම සේවාව පැවැති අතර එහි ආරම්භක අවස්ථාට නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල විශාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ඉහත සඳහන් ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතික විශාල පිරිසක් මෙම ජංගම සේවාවෙන් විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පැමිණ සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment