Monday, April 2, 2018

මැදිරිගිරියටත් විද්‍යුත් සෞඛ්‍ය සේවාව


  තිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සෞඛ්‍ය සේවාව නැන්වීමේ උතුම් අභිලාශය ඇතිව මැදිරිගිරිය මූලික රෝහලට විද්‍යුත් සෞඛ්‍ය සේවාව මෙම මස 30 දින සිට ආරම්භ වන බව මුලික රෝහල් වෛද්‍ය අධිකාරී වයි.එම්.එස්. යාපා මහතා මැදිරිගිරිය සුව සේවා පදනමේ සාමාජිකයින් අමතා පසුගිය 26 වෙනිදා ප්‍රකාශ  කරන ලදි.

   සුවසේවා පදනමේ සාමාජිකයින් විද්‍යුත් සෞඛ්‍ය සේවාව පිළිදව වැඩිදුරටත් විමසීමේදී වෛද්‍ය අධිකාරී මහතා කියා සිටියේ......... අද ලෝකය පරිඝණක හා සම්බන්ධව අන්තර් ජාලයෙන් හසුරුවන බවත්, විද්‍යුත් සෞඛ්‍ය සේවාවෙන් සිදුවන්නේ පදිංචි සියළු පුරවැසියන්ගේ දත්තයන් පරිඝණක භාවිතයෙන් අන්තර් ජාලයට ඇතුළුකර එම අයට රහස් අංකයක් නිකුත් කරන බවයි.මේ සදහා නම, ගම, ,ලිපිනය, උපන් දිනය, ජාතික හැදුනුම්පත් අංකය, ලබා ගෙන එම අය ලියාපදිංචි කිරීම පලමු අදියර බවත්, ලියාපදිංචි කරන ලද පුද්ගලයින්ට ලබාදෙන රහස් අංකය එම පුද්ගලයින් වෛද්‍ය සේවාවන් ලබා ගැනීම සදහා පැමිණිමේදී  රැගෙන ආයුතු බවත්, මෙම අංකය ලෝකයේ ඕනෑම රෝහලකින් සේවා ලබාගැනීම සදහා ඉතා උපකාරීවන හා වලංගු බවත්ය. රෝගීන් පමණක් නොව නිරෝගී අයද මෙම ලියාපදිංචිය කරන අතර උදාහරණයක් ලෙස පවුලේ සියළුම දෙනා ලියාපදිංචි කරන බවයි.

   රෝගියෙකු ලියාපදිංචි වන්නේනම් රෝගියාගේ සියළු රෝගී තත්වයන් හා ඒ සදහා ලබා ගන්නාලද ඖෂධ වර්ග පවා ඒ තුල ගබඩා වී ඇති බැවින් නැවත රෝගීවී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී මෙම තොරතුරු උපකාරී වීම නැවත ප්‍රතිකාර සදහා මහත් රුකුලක් බවත් වෛද්‍ය අධිකාරී වයි.එම්.එස්. යාපා මහතා වැඩිදුරටත් ප්‍රකාශකරන ලදි. 

   මෙම අවස්ථාව මැදිරිගිරියට සුවිශේෂී අවස්ථාවක් බැවින් සියළුම දෙනා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ලෙසත් රෝගීන් ලියාපදිංචියේදී පමණක් කෙටි කාලයක් ගතවන නිසා සිදුවන අපහසුතාවය නොතකා මේ සදහා රෝහල් කාර්ය මණ්ඩලයට සහයෝගය ලබාදෙන ලෙසද සියළුම දෙනාගෙන් සුවසේවා පදනම කාරුණිකව ඉල්ලීමක්ද කරන ලදි. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment