Thursday, March 29, 2018

හිසට සෙවනක් හිතට නිවනක්


   රණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන යටතේ 2017 වර්ෂයේ ප්‍රතිපාදන වලට අනූව තල්ගස්පිටිය සිංහල වසමේ මව මිය ගිය 2016 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබා ගත් දියණියක සිටින ඉතා අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදි කර දිම පසුගිය දා සිදු විය. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මැතිතුමා , කළමණාකාර අධ්‍යක්ෂ ලකී බෙන්හර් මයා, මූලස්ථාන කළමණාකරු අනුලාවතී මිය, සමාජ සංවර්ධන සහකාර එස්.ඒ.අයි. සුරවීර මිය, වසම්භාර සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරී,ආර්ථික සංවර්ධන නිලධාරි, හා ග්‍රාමිය ප්‍රජාවගේ සහයෝගය ලබා ගනිමින් නිවස ඉදි කිරීම් කටයුතු සිදු විය.

   ඒ අනූව වැඩ අවසන් නිවස ප්‍රාදේශීය ලේකම්තුමා, සමෘද්ධි කළමණාකාර අධ්‍යක්ෂ, මූලස්ථාන කළමණාකරු සහ ප්‍රාදේශීය ඉඩම් පරිහරණ නිලධාරි දයාරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2018.03.15 දින නිවස විවෘත කරන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එම නිවසට විදුලිය ලබා දීම හා මුළුතැන් ගෙයි කට්ටලයක් ලබා දුන් අතර ඉඩම් පරිහරණ නිලධාරිතුමා විසින් මුදල් පරිත්‍යාගයක්ද සිදු කරන ලදි. අවසාන වශයෙන්  මෙම නිවස හිමි ඒ.එම්. බාලමැණීකේ මිය හඬමින් ප්‍රකාශ කල සිටියේ වසර 05 කට පසු මිණිබිරියන් දෙදෙනා සහ බෑණා සමග එකම නිවසක සිටිනුයේ අද  (15) දින බවයි.

එස්.ඒ.අයි. සුරවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment