Tuesday, April 10, 2018

සමෘද්ධියෙන් සමුගත් නිහතමානී නායකයා



   පුරා වසර  06කට වැඩි කාලයක් පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කල  නාලක ප්‍රියශාන්ත මහතා එම පදවියෙන් ඉවත්වී ආපදා කලමණාකරණ අමාත්‍යතංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමක් ලබා  ඉකුත්දා පුත්තලමෙන් සමුගෙන ගියේය.

   එතුමාගේ පාලන කාලය තුල පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි වැඩසටහනේ උන්නතිය වෙනුවෙන් කල සේවය ඉතාම ඉහල මට්ටමක පවති. පුත්තලම දිස්ත්‍රික්කයේ සමෘද්ධි වැඩ සටහන ජාතික තලය තෙක් ඔසවා තැබීමට ඔහු කල සේවය ඉතා අගනේය. විශේෂයෙන්ම දිගන්වැව හා පුත්තලම සමෘද්ධි බැංකු ජාතික මට්ටමට ගෙන ඒමට ඔහු ලබාදුන් උපදෙස් මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කිරීම වටි.

   එමෙන්ම සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩසටහන නව පෙරලියකට ලක්කරමින් මරණ වන්දි හා විවාහ දීමනා වැනිදේ එක් දිනක් තුල හෝ පැය කීපයක් තුල ගෙවීමට හැකිවීම පුත්තලම දිස්ත්‍රික්කය තුල එතුමාගේ නායකත්වය යටතේ සමෘද්ධි වැඩසටහන ලද විශාල ජයග්‍රහණයකි.

   ඔහු යටතේ සේවය කල සියළුම නිලධාරින්ට ඉතාමත් ලෙන්ගතු නායකයෙකු ලෙස කටයුතු කල අතර දිස්ත්‍රික්කය තුල සිටින දාහකට ආසන්න නිලධාරින් සෑම අයෙකුටම පාහේ නම කියා ඇමතීමට හැකි වීමද  ඔහු තුල තිබු සුවිශේෂි ලක්ෂණයකි.

   සමෘද්ධි වැඩසටහනින් සමුගෙන වෙනත් අමාත්‍යංශයක සේවයට ගියද එතුමාගේ පෞද්ගලික ජිවිතය හා රාජකාරි ජිවිතයේ කටයුතු ඉතා හොදින් සාර්ථක වේවායි පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම සමෘද්ධි නිලධාරින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

චින්තන රත්නායක
ගමන සමෘද්ධි සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment