Wednesday, April 4, 2018

සමෘද්ධි සෞභාග්‍ය අලෙවි ප්‍රදර්ශනය ආරම්භ කෙරේ............


  ගාල්ල දිස්ත්‍රියක් සමෘද්ධි කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ  ගෝනාපීනූවල, බද්දෙගම, වැලිවිටිය දිවිතුර හා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අදාල 2018  සමෘද්ධි සෞභාග්‍යා  අලෙවි ප්‍රදර්ශනය  බද්දේගම පොළ භූමියේදී අද දින ( 04 ) බද්දෙගම ප්‍රදේශීය මහ ලේකම් අයි. හිමාලි රත්නවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

  අප්‍රේල් මස 04 හා 05යන දින දෙක පුරාවට පැවැත්වීමට නියමිත මෙම අලෙවි ප්‍රදර්ශනය සදහා ගෝනාපීනූවල, බද්දෙගම, වැලිවිටිය දිවිතුර හා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් සමෘද්ධි වව්‍යසායකින් විශාල පිරිසක් සහභාගී වූ අතර ගෝනාපීනූවල කොට්ධඨාශය නියෝජනය කරමින් සාර්ථක සමෘද්ධි ව්යිවසායකයින් 18 දෙනෙකු තම නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කරන ලදි.

   විසිතුරු මල් හා පැල වර්ග , නිමි ඇදුම් වර්ග ,කැවිලි වර්ග හා ආහාර වර්ග, කිරි නිෂ්පාදන ,මත්ස්‍ය නිෂ්පාදන ,ලීබඩු හා අත්කම් නිර්මාණ ඇතුළු විවිධ වර්ගයේ නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කර තිබුණි.

   සමෘද්ධි වැඩසටහන හරහා වයාපාරිකයින් බවට පත්වූ මෙම පිරිස තම නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කිරමින් පැවසුයේ ඔවුන් මෙමගින් මහත් තෘප්තියට පත්වී ඇති බවත් එමගින් ඔවුන්ගේ ආදායම් තත්වය ඉහල නංවා ගැනීමට හැකි වූ බවත්ය.

   උදෑසන 9.00 ට පමණ ආරම්භ කෙරුණු මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක උත්සවය සදහා බද්දෙගම ප්‍රදේශීය ලේකම් අයි. හිමාලි රත්නවීර මහත්මිය ,දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරුවන් , බද්දෙගම, වැලිවිටිය දිවිතුර හා යක්කලමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල සියළුම මූලස්ථාණ කළමණාකරුවන් ව්‍යාපෘති කළමණා කරුවන්, සහකාර කළමණා කරුවන්, බැංකු කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු  බද්දෙගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment