Monday, April 2, 2018

වැව් කොමළියට පෙම්බැදි මොරගහකන්ද.............

   ඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයැයි විරුදාවලිය ලත් ගොවියා කලක පටන් තම බත් වේල සොයා ගත්තේද අනේක දුක් කම්කටොළු මැද්දේය. රටට බත සපයන මැදිරිගිරිය ගොවිජනතාව දැනට කන්න 03කම තම කුබුරු යායවල් වල් බිහිවෙන්නට ඇරියේ තම පපුවේ දුක් ගිනි කන්දරාවක් නොදරා නොවේ. අකාරුණික වූ සොබාදහම වැව් පොකුණු වල රදවාගෙන තිබූ ජලස්කන්ධය තම උඩු ගුවනට ලබාගත්තා මිස නැවත මහ පොළවට පතිත නොකිරීමේ හේතුවෙන් මහ පොළව හා ගැටුණු ගොවි ජන හදවත් තුල අනේකවූ බලාපොරොත්තු වලලා දමමිනි.මෙමගින් පීඩාවට පත්වූයේ ගොවියන් පමණක් නොවන අතර එම ගොවි බිම් වල කුලියට ගිය අඩු ආධායම්ලාභින්ද අසරණ තත්වයට පත්ව ප්‍රදේශයෙන් පිටව කොළොම්පුරේ කුලියට ගියේ තම අඹු දරුවන්ද නිවසේ තනි කර දමමිනි. 

   හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මුල්ගල තබා වර්තමාන ජනපති මෛත්‍රිපාල මැතිදුන්ගේ රජරට නිල් දියවරින් පෝෂණය කිරිමේ විශාලතම ජලාශ සංකීර්ණයේ සිහිනය යථාර්තයක් කරමින් කඩිනමින් නිමකල මොරගහ කන්ද ජලාශයේ නිල්වන් ජල දහරාව තමාට බාධක වනගැහැබ්, කදුහෙල්, ගල් පර්වත, පසු කරමින් කවුඩුළු වැව් කුමරිය සිපගන්නේ මැදිරිගිරිය ගොවි ජන හදවත් උද්ධාමවත් කරමින් සතුටු සයුරේ ගිල්වමිනි. 

   හිටපු පලාත් කෘෂිකර්ම අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත මහතා හිටපු ප්‍රාදේශිය සභා සභාපති පත්මසිරි හේමචන්ද්‍ර මහතා සමග ප්‍රාදේශිය සභා මන්ත්‍රි වික්‍රමසිංහ මහතා මේ පිළිබදව සොයා බැලිමට සහභාගී වූ අතර අප්‍රේල් මාසයේදී තම කුඹුරු ගොවිතැන් සදහා මොරගහ කන්ද කුමරුගේ නිල්වන් දිය දහරාව කවුඩුළු වැව් කුමරිය මුදාහරී යැයි සමස්ථ ජනතාව ඇගිලි ගනිමින් සිටිති. 

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment