Monday, April 2, 2018

සමුදුන් දාහතේ ප්‍රගතිය ඇගයීම


 මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 2017 වර්ෂයේ සමෘද්ධි වැඩසටහන් ප්‍රගති සමාලෝචනය පසුගියදා මුලස්ථාන කළමණාකරු එස්.එම්. දුරුතු කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

  මෙම අවස්ථාවට බැංකු සමිති කළමණාකැරු සුගත් කුමාර මහතා, දියසෙන්පුර හා මණ්ඩලගිරිය සමෘද්ධි කළමණාකරුවන් වන මිල්ටන් රාපක්ෂ මහතා සහ තිලකා කුමාරි මහත්මිය ඇතුළු කේෂ්ත්‍ර සමෘද්ධි නිළධාරී මහත්ම මහත්මීන් සහභාගී වන ලදි. 

   2017 වර්ෂයේ පොළොන්නරුව පොසොන් පෙරහැර සදහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් සමෘද්ධි නිළධාරීන් ඇගයීමටද ලක් කල අතර, 2017 වර්ෂයේ මැදිරිගිරිය කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සමිති ලැබීම් වශයෙන් රුපියල් 3344230/=ක මුදලක් වේදේහපුර වසමේ සේවය කරන සමෘද්ධී නිලධාරී ආර්.ඩි.එන්. රාජමුණි මහතා මණ්ඩලගිරිය කලාපයෙන්ද, දියසෙන්පුර කලාපයෙන් නිලන්ති ධම්මිකා මහත්මිය රුපියල් 1208413/= ක මුදලක්ද, දියසෙන්පුර කලාපයෙන් සුමිත් ප්‍රියශාන්ත මහතා 1151220/=ක මුදලක්ද වශයෙන් රැගෙන ඒම ප්‍රශංසනීය බව මූලස්ථාන කලමණාකරු මහත්මිය දැනුවත්කල අතර, පොළොන්නරුව සමෘද්ධි බැංකු 22න් මෙවර 4 වෙනි ස්ථානය මණ්ඩලගිරිය බැංකුවත්, 7 වෙනි ස්ථානය හා 10 වෙනි ස්ථානය දිවුලන්කඩවල හා දියසෙන්පුර සමෘද්ධී බැංකු හිමිකර ගැනිමද ඇගයීමට ලක් කරන ලදි. මෙම ජයග්‍රහණය කේෂ්ත්‍ර සමෘද්ධි නිලධාරීන්ගේ උනන්දුව උත්සාහය හා කැපවීමේ ප්‍රතිඵලයක ඵලයක් බවත් මූලස්ථාන කළමණාකාර මහත්මිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

වජිරා දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment