Monday, April 2, 2018

පසු විපරමින් ඉදිරි ඉලක්කයන් කරා........


  මුළුතැන්ගෙයින් ඇරඹුණු ඉතිරි කිරිමේ පුරුද්ද සමෘද්ධි බැංකුවේ දිරිය මාතා ගිණුමක් තුල ගොඩ ගැසෙන්නට , ප්‍රතිලාභියා තුල සැගවුණු හැකියාව සාර්ථක ව්‍යාපාරයක් වෙලා කිරි ඉතිරෙන්නට සමෘද්ධි සංවර්ධන නිලධාරින් ප්‍රමුඛ සමෘද්ධි බැංකුව තුල සිදු වු විශාල කාර්යය භාරය තැන්පතු වර්ධනය , සංවර්ධන වැඩසටහන්, ණය යෝජනා ක්‍රම සමග මුසුවුනු සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ දහඩිය කදුළු මුසු වු යටගියාව පිලිබදව ආපසු හැරී බලන්නට 2018 මාර්තු මස 15 වන දින දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී  2017 ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වන ලදි.

   දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිඹුලාගල, සිරිපුර , වෙහෙරගල, විජයබාපුර, නුවරගල යන කලාප පහේම සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ උත්සාහය කැපවීම මෙන්ම ඔවුන්ගේ දුර්වලතාද මෙහිදි සාකච්ඡා කෙරිණි.

   2017 වසර අවසන් වන විට ඉහල තැන්පතු ප්‍රමාණයකට හිමිකම් කීමට නුවරගල සමෘද්ධි ප්‍රජා මූල බැංකුව සමත් වී තිබේ. එය අනිවාර්ය්‍ය ඉතිරි කිරීම් ද සමගින් රුපියල් කෝටි නවයක් පමණ වේ. එමෙන්ම පාඩු ලබන සමහර සමෘද්ධි බැංකු අතරින් වෙහෙරගල සමෘද්ධි බැංකුව ලාභ ලබන බැංකුවක් බවට පත් වී ඇත. තවද රුලියල් කෝටි තිස් තුනක තැන්පතු ප්‍රමණයකට හිමිකම් කීමට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමත් වී තිබූ අතර ක්‍රියාශීලි සමෘද්ධි සංවර්ධන නිලධාරින් අතර කැපී පෙනෙන චරිතයක් වීමට නුවරගල කලාපයේ ඒ. ජයවීර මහතා සමත්ව ඇත.

   සමෘද්ධි ව්‍යාපාරය යනු නිදා ගෙන සිටින යෝධයෙක් බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමා පැවසූ අතර අවස්ථා ප්‍රතිලාභ කොතෙක් ඇතත් මිනිසුන් මෙය හරි හැටි වටහාගෙන නැති බව එතුමා එයින් පැහැදිලි කරන ලදි. 2017 වසරේ ආ ගිය කතා නිමා වීමෙන් පසු අධ්‍යක්ෂක තුමා 2018 වසරට අත දිගු කලේ  සියළු දෙනා හටම නව ඉලක්කයක් පෙන්වා දෙමිනි. ක්‍රියාශිලී සමෘද්ධි නිලධාරී  ජයවිර මහතාගේ හඩ සමෘද්ධි ගමනට මුසු කරන්නට සමෘද්ධි ගමන තැත්කලද කාර්ය බහුල තත්වයට එතුමා සිටි බැවින් පසුව එතුමා සමග දොඩමළු වන්නට සමෘද්ධි ගමන මතක සටහනක් තබා ගන්නා ලදි. 

එම්.පී.ආර්. ජයවර්ධන
සමෘද්ධි ගමන සන්නිවේදක
දිඹුලාගල

No comments:

Post a Comment