Monday, April 9, 2018

සමෘද්ධි ‍සෞභාග්‍යා වෙළද ප්‍රදර්ශනය - ඉමදුව


   සමෘද්ධිලාභීන්ගේ ආර්ථික තත්වය ඉහල නැංවීමේ අරමුනෙන්  වාර්ෂිකව පවත්වනු ලබන  සමෘද්ධි සෞභාග්‍යා වෙළද ප්‍රදර්ශනය මෙවරත් දිවයින පුරා ක්‍රීයාත්මක වන අතර ඊට සමගාමීව ඉමදුව සහ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අදාල වෙළද ප්‍රදර්ශනය ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මී කාන්ති මෙනවියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා (04 ) අද ආරම්භ විය. 04 සහ 05 පැවැත්වු මෙම වෙළද ප්‍රදර්ශනය සදහා ඉමදුව සහ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල සමෘද්ධිලාභී ව්යාවසායකයින් විශාල පිරිසක් සහභාගි විය.



   සමෘද්ධි වැඩ සටහන හා සම්බන්ධ  සියළුම වව්‍යසායකයින්ගේ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම හා අලෙවි අවස්ථා පුළුල් කරලීමත්,ඔවුන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනිමට අවස්ථාව සලසාදීමත් , එම නිෂ්පාදන ප්‍රදේශිය, දිස්ත්‍රික්  සහ ජාතික මට්ටමෙන් ප්‍රචලිත කිරිම මෙම වෙළද ප්‍රදර්ශනයේ අරමුණයි.

    විශේෂයෙන් මේ වන විට කොට්ඨාශය තුල ආරම්භ කර ඇති සමෘ‍ද්ධි ප්‍රදේශිය ව්‍යාපාරික සංගමයේ මැදිහත්ව සමෘද්ධි ලාභි පවුල් සවිබලගැන්වීම පිළිබද වැඩි අවධානයක් යෙමු කරමින් පාරිභෝගික හා ව්‍යාපාරිකයන්ගේ තෘප්තිය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් මෙම වෙළද ප්රේදර්ශණය පැවැත්විමට සමෘද්ධි ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කළුආරච්චි මහතා සමත් විය.

    විසිතුරු මල් හා පැල වර්ග , නිමි ඇදුම් වර්ග ,කැවිලි වර්ග හා ආහාර වර්ග, කිරි නිෂ්පාදන ,මත්ස්‍ය නිෂ්පාදන ,ලීබඩු හා අත්කම් නිර්මාණ ඇතුළු විවිධ වර්ගයේ නිෂ්පාදන අලෙවිය සදහා ඉදිරිපත් කර තිබු අතර සමාරම්භක අවස්ථාවට ප්‍රාදේශිය  ලේකම් ලක්ෂ්මි කාන්ති , බටේමුල්ල ජාතික පාසලේ විදුහල්පති , ඉමදුව පොලිසියේ ස්ථානාධිපති, රුහුණු සංවර්ධන බැංකුවේ කලමණාකරු, සමෘද්ධි කලමණාකරුවන් සහ සංවර්ධන නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය.


නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment