Thursday, May 31, 2018

"සමෘද්ධි බැංකු හරසර" 2018


  කාර්යක්ෂම සමෘද්ධි බැංකු සේවාවක් හා සමෘද්ධි නිලධාරීන් ඇගයීම සදහා  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරන  සමෘද්ධි බැංකු හරසර 2018 අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පැවැත්විනි.

  මෙහිදී අදහස් දැක්වු පී.හැරිසන් මහතා සමෘද්ධි බැංකුව කියන්නේ ඉතිරි කිරීම් පුරුදු කරන පුහුණු මධ්‍යස්ථානයක්. ගමේ මුල්ලක තිබුන බැංකුව මහපාරට ගෙනැල්ල සමෘද්ධි නිලධාරීන්ට හොද තැනක් ලබා දෙන්න ඔවුන් ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි. මේ සදහා සමෘද්ධි නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමටත් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමටත් කටයුතු කරන බව පැවසීය.
ඔවුන් දේශපාලන ඉත්තන් කර නොගැනීමට කටයුතු කරන අතර ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

  මෙහිදී අදහස් දැක්වු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා , 2012 දී 6.7% ක්වු ජාතික දරිද්‍රතාවය අද වන විට 4.1% දක්වා අඩුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් සමෘද්ධි බැංකුවට ස්තුතිවන්ත වන බවත් පැවසීය. 

  මෙහිදී සමාද්ධි ප්‍ර‍ජාමුල බැංකු ශ්‍රේණිගත කිරීම හා නිලධාරීන් අගැයීම සිදු කෙරිණි. මෙහිදී ජාතික මට්ටමින් ඉදිරියෙන් සිටින සමෘද්ධි ප්‍ර‍ජාමුල බැංකු 10 අතරින් ප්‍ර‍ථම ස්ථානය යාපනය ඉනුවිල් සමෘද්ධි බැංකුවට හිමි වු අතර ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය. 

  දිවයිනේ වැඩිම අළුත් අවුරුදු ඉතුරුම් (2017) රැස්කළ නිලධාරියා සදහා වු කුසලානය කුරුනෑගල මඩහපොල සමෘද්ධි ප්‍ර‍ජාමුල බැංකුවේ  සමෘද්ධි සංවර්ධන නිලධාරී එස්. තිස්ස කුමාර සුභසිංහ මහතා හිමි කර ගත්තේය.

  සමෘද්ධි බැංකුවල වැඩිම ණය නිකුත් කිරීම වෙනුවෙන් කුසලානය හිමිකර ගත්තේ දැරනියගල සමෘද්ධි ප්‍රජාමුල බැංකුවේ එච්.පී.ටී.පියදාස මහතාටයි. 

  දිවයිනේ වැඩිම ක්ෂේත්‍ර‍ ලැබීම් රැස් කළ නිලධාරියා ලෙස සම්මාන ලබා ගත්තේ ගාල්ල ඇල්ලකන්ද සමෘද්ධි බැංකුවේ ඩී.මයාකඩුව මහතායි. 

No comments:

Post a Comment