Tuesday, May 15, 2018

ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ..


   තිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන්  ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා ඉදිකල නව ගොඩනැගිලි අතරින් ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය භූමියේ ඉදිකල නව තෙමහල් ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් 2018.05.12 දින ජනතා අයිතියට පත් කරන ලදි.

නව පහසුකම් වලින් සමන්විත    අංගසම්පුර්ණ වායු සමනය කරන ලද ශ්‍රවණාගාරයකින් සමන්විත නව තෙමහල් ගොඩනැගිල්ල සදහා සියළුම කාර්යාලීය උපකරණ ද  මෙම ව්‍යාපෘතිය තුලින් ලබාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කටයුතු සිදු කර ඇත.



   ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ පූර්ණ මැදිහත් වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සදහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 500 කි.

   මෙම විවෘත කිරීමේ අවස්ථාවට ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, අමාත්‍යවරුන් වන ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක.දකුණු පලාත් ගරු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , පලාත් සභා මන්ත්‍රීවරුන් ගෝනාපීනූවල සම්බන්ධීකරණ කමිටු සම සභාපති ඩෙනට් පනියන්දූව මැතිතුමා , අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පුෂපලාල් කුමාරසිංහ මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් , ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මිය,හිටපු ප්‍රාදේශීය ලේකම් වත්මන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මිය ඇතුළු සියළුම කාර්යාලීය හා ක්ෂේත්‍ර නිලධාරීන්, කොට්ඨාශයේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානින්, ප්‍රභුවරුන්, ස්වේජා සමිති නියෝජිතයින් හා ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටින ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක 
ගෝනාපීනූවල

No comments:

Post a Comment