ආපාදවෙන් මියගිය අයට පිං අනුමෝදනා
ගණේගොඩ කලාපයට අයත් දිගල නාගහතැන්න ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සමිති එකමුතුව සංවිධානය කල විශේෂ ධර්ම දේශනයක් 2017-06-10 වන දින පැවැත්විණි. ගං වතුර ආපාදවෙන් මියගිය පිරිසට පිං පැමිනවීමත්, රට වැසි ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මෙම පිංකමේි ප්‍රධාන අරමුණු විය. ගා/ ගණේගොඩ මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය ගොළුවාමුල්ලේ සද්ධාසුමන ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනය පවත්වන ලදි. මෙම පිංකම සඳහා ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්වී සිටිනු දක්නට ලැබිණ. දිගල නාගහතැන්න ග්‍රාම නිලධාරි වසමේ දිවි නැගුම සංවර්ධන නිලධාරි සනත් රස්කින් විජේනායක මහතා සහ පාලක මණ්ඩල නියෝජිත කේ.එල් රත්නපාල මහතා විසින් මෙම පිංකමේ මූලික වැඩකටයුතු සංවිධාන කර තිබිණි.
අනුර කුමාර ලීලානන්ද
ගමන විශේෂ සන්නිවේදක
කළමණාකරැ
සමෘද්ධි බැංකුව - ගනේගොඩ
No comments:
Post a Comment