Wednesday, July 25, 2018

සමෘද්ධි කැකුළු ළමා සමාජ ප්‍රාදේශිය තරඟාවලිය - ඉමදුව................


   සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය  ජාතික තරඟාවලියට දරුදැරියන් තෝරා ගැනිමේ ප්‍රාදේශිය තරඟ පසුගිය දා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත් වින. සමෘද්ධි කලාප මට්ටමින් දක්ෂතා දක්වා ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් දරුදැරියන් ප්‍රාදේශිය තරඟ සදහා සහභාගි වු අතර ඉන් ජයග්‍රහණය කර ප්‍රථම ස්ථාන ලබාගත් දරුදැරියන් දිස්ත්‍රික් තරඟ සදහා සුදුසුකම් ලැබීය. සරල ගී. නැටුම්, චිත්‍ර, කථික, නිවේදක, ජන ගායනා ,  පද්‍ය රචනා,ගද්‍ය රචනා  යන තරඟ ඉසව් ඔස්සේ පැවති මෙම තරඟ විද්වත් විනිසුරු මඩුල්ලක්  ඉදිරියේ පැවැත්වීමට සංවිධායක මංඩලය කටයුතු කර තිබුනි.

    දැයේ දුවා දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරිමේ අරමුණ සාක්ෂාත් කරමින් අනාගත වැඩ ලෝකයට ගැලපෙන අයුරින් දරුවන් නිර්මාණය කිරිම සදහා  වයස අවුරුදු හතත් දහ අටත් අතර වයසේ පසුවන දරුවන් ග්‍රාමිය මට්ටමින් සමෘද්ධි කැකුළු ළමා සමාජ වටා ඒකරාශි කරමින් ඔවුන් සමග විවිධ වු ක්‍රියාකාරකම් වල යෙදෙමින් සංවේදි, නිර්මාණශිලි කුසලතාවලින් පරිපූර්ණ, නැණ ගුණ නුවණින් යුතු අභියෝග ජය ගත හැකි දරු පරපුරක් දැයට දායාද කිරිමේ අරමුණ පෙරදැරිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෑම වරෂයකම මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබේ.

   මුලස්ථාන කලමණාකරු, සමෘද්ධි බැංකු සමිති කලමණාකරු, සමාජ සංවර්ධන නිලධාරි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment