Wednesday, July 25, 2018

සමෘද්ධියේ නැණ උල්පත.........සිසුදිරියයි............


 මෘද්ධියේ නැණ උල්පත සිසුදිරිය ශිෂ්‍යත්ව වැඩ සටහන බවත් එතුලින් දරිද්‍රතාවයෙන් පෙලෙන සමෘද්ධිලාභී පවුල් වල දරුදැරියන්ට ලැබෙන පිටිවහල අතිමහත් බවත් ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ විදුහල්පති වසන්ත කරුණාසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 2017 වසරේ අපොස (සා.පෙළ) විශිෂ්ඨ අයුරින් සමත් වු සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල සිසුන් තෝරා ගැනිමේ සම්මුඛ පරික්ෂණය සදහා සහභාගිවු අවස්ථවේය.  

    ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවති සම්මුක පරික්ෂණ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුලනි සුලෝචනා මහත්මිය, මුලස්ථාන සමාද්ධි කලමණාකරු ආනන්ද දිසානායක, ව්‍යාපෘති කලමණාකරු ඉසුරු කතළුආරච්චි සමාජ ආරක්ෂණ නිලධාරි රමණි වීරතුංග මහත්මිය සහ ආයතන කටයුතු භාර අනෝජා මහත්මිය යන  නිලධාරි මංඩලය ඉදිරියේ පැවතින.  මෙම වැඩ මුඑව සදහා සිසු දරු දැරියන් අසු හය දෙනෙකු සහභාගි වු අතර ඉහලම සුදුසුකම් තිබු සිසුන් තිස් අට දෙනෙකු ඉදිරි  දෙවර්ෂය වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම සදහා පරික්ෂණ මංඩලය විසින් තෝරා ගනු ලැබුවා. 

   මසකකට රුපියල් එක්දහස් පන්සියක් බැගින් මාස විසිහතරක් පුරාවට මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙන අතර එමගින් එම සිසුන්ට අවශ්‍යය පොත්පත්,උපකාරක පන්ති  ඇතුඑ අනෙකුත් අවශ්‍යතාවන් ඉටුකර ගත හැකි බවත්  බවත්  මෙම වැඩ සටහනේ අරමුණු හා අපෙක්ෂාවන් පිලිබද පැමිණි සිටි දෙමපියන්ට හා සිසුදරුවන්ට පැහැදිලි කරමින් මුලස්ථාන කලමණාකාර තුමා කෙටි දේශණයක්ද පවත්වන ලද අතර පැමිණි සියළු සිසුදරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සමෘද්ධි මුලස්ථාන කාර්යමංඩලය මගින් පවත්වන ලදි.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment