Tuesday, December 12, 2017

පුහුණුවක්, ගුරුවරයකු නොමැතිව අලුතින් යමක් කරන්නට “ධනාත්මකව” සිතු ධනපාල


   ළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 28 කටුකැලියාව වසමෙහි සමෘද්ධි සහනාධාර ලාභී ඩබ්.ඒ. ධනපාල මහත්මා කුඩාකළ සිටම අලුතින් යමක් හිතන්නට කරන්නට උනන්දුවන අයෙක් වන අතර මොහුගේ ජීවන වෘතිය වශයෙන් විදුලි උපකරණ අලුත් වැඩියාව සිදුකරන අයෙකි. එහෙත් ඔහුගේ පලපුරුදු රැකියාව පසෙකට තබා ඔහු විසින්ම අත්හදා බැලීමෙන් සොයාගත් මැටි ආශ්‍රිත බිත්ති සැරසිලි , විවිධ සතුන් වැනි විසිතුරු නිර්මාණයන් වෙළඳපලට හදුන්වාදීමට සමත් වී ඇත.

   මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ පාරම්පරික මැටි කර්මාන්තයෙන් ඔබ්බට ගිය නව නිර්මාණයක් වීම මෙන්ම, නුතන යුගයේ තරුණ පිරීස පාරම්පරික කර්මාන්ත වල නියැළිමට අඩු කැමත්තක් දක්වන යුගයක  ප්‍රදේශයේ තරුණ තරුණියන් මෙම නිර්මාණයන් කිරීමට කැමත්තක් දක්වන බැවින් ඒ සඳහා ඔහුගෙන් දැනුම පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකිරීමයි. 

   සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන මඟින් ගොඩනැගිල්ලක් ඉඳිකර ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදී ඇති අතර ප්‍රාදේශීය ලේකම් එස්.එම්.කේ. කුමාරිහාමි මහත්මිය, මුලස්ථාන කළමණාකාර ගාමිණී කුමාරසිංහ, කළමණාකාර රංජිත් තිලකසිරි යන අයගේ උපදෙස් හා මඟපෙන්වීම මත සමෘද්ධි සංවර්ධන නිළධාරී ආර්.ජී. ස්වර්ණ ලතා  මහත්මිය මෙම කටයුතු වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවරයන් සකස් කරමින් පවතී.                                                                                     
කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇළහැර

No comments:

Post a Comment