Wednesday, August 15, 2018

පුත්තලම සමෘද්ධි බැංකුවේ අවුරුදු ගණුදෙණු කෝටි නවය ඉක්මවයි...


  ‘පේකම රැක ගනිමු   ඉතුරුමට මග කියමු’’ යන තේමාව යටතේ  ශ්‍රී ලංකා සමෘද්ධි දෙපාර්තුමේන්තුව විසින් සෑම වසරකම අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක  ඉතුරුම් ප්‍රවර්ධන සතිය තුල , 2018 වසරේ  පුත්තලම සමෘද්ධි බැංකුව රැස්කල ඉතුරුම් ප්‍රමානය කෝටි නවය ඉක්මවා ඇත.

  ඒ අනුව කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරිනි එම්.ටී. ඉස්මියා මහත්මිය රැස්කල මුදල රු.තුන්කෝටි දා හතරලක්ෂ තිස්තුන්දාස් පන්සියකි.දෙවන ස්ථානය දිනාගත් එම්.යු.එෆ්.නස්රියා මහත්මිය එක්කෝටි හැට හය ලක්ෂ විසිනවදාස් පන්සිය අනුවක්ද,තුන්වන ස්ථානය දිනාගත් එච්.ෆයිරුස් මහතා එක්කෝටි හතලිස් දෙලක්ෂ විසිදාස් හත්සියක්ද,ඇතුලුව කළාපය තුල රැස්කල මුළු මුදල රුපියල් නව කෝටි දාහතර ලක්ෂ අනු තුන්දාස් තුන්සිය හතලිස් නවයකි.

  පසුගිය වසර දෙක තුලම පුත්තලම බැංකුව ඉතුරුම් ප්‍රවර්ධන සතිය තුල දිස්ත්‍රික්කයේ වැඩිම  තැන්පතු රැස්කල බැංකුව ලෙස දිස්ත්‍රික් මට්ටමේ ඇගයීමට ලක්වී ඇති අතර ගිය වසර හා සසදන කල මෙම වසරේ රැස්කල මුදල ඉහල අගයක් ගන්නා බැවින් මෙවර ජාතික මට්ටමේ ජයග්‍රහනයක් කරා යාමට බොහෝදුරට ඉඩකඩ ඇත.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම.

No comments:

Post a Comment