Tuesday, August 21, 2018

මැදිරිගිරිය රාජ්‍ය සේවකයින් සුහද ක්‍රිකට් ගැටුමක


  විනෝදය මෙන්ම ශාරීරික ව්යායයාමයක් එක්කරමින් මානසික ඒකාග්‍ර තාවයෙන් මිදීමට රාජ්‍ය සේවා සුහද ක්‍රිකට් තරගාවලියක් පසුගිය 16 වෙනි දින ඒකනායක ක්‍රිඩාංගනයේදී පැවැත්වූයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සි.එම්. කරුණාරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙනි. විවිධවූ අංශ වලට බෙදී තම සේවාදායකයින් වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි තම නිලධාරීන් එක් ස්ථානයකට ගොනු කරමින් මෙම තරගාවලිය සදහා ග්‍රාම නිලධාරී, ආයතන, ක්ෂේත්‍ර, සංවර්ධන හා සමෘද්ධි වශයෙන් පිරිමි කණ්ඩායම් තරගය සදහා සහභාගිවූ අතර ජයගාහි කණ්ඩායම වශයෙන් ක්‍රිඩා නිලධාරී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්ෂේත්‍ර නිලධාරී කණ්ඩායමද, අනුශූරතාවය ආයතන කණ්ඩායමද හිමිකරගත් අතර, සමෘද්ධි හා ග්‍රාම නිලධාරී කාන්තා අංශයේ තරගයෙන් ග්‍රාම නිලධාරී අංශය ජයගහණය හිමිකර ගන්නා ලදි.

  මෙම තරගයේ විශේෂත්වයවූයේ තම කණ්ඩායමට ක්‍රිඩා කිරීමට තරග කරුවන් නොමැති බව දැනගත් විගසම තම රාජකාරි ඇදුමෙන්ම නිලධාරිනියන් තරගය සදහා සහභාගිවූයේ කණ්ඩායම් හැගීම මෙන්ම විනෝදාස්වාදය වෙනුවෙනි. 

  මෙම අවස්ථාව මාධ්‍ය ආවරණයේ යෙදුනු සමෘද්ධි ගමන කැමරා කාචයට මුසුවූයේ මැදිරිගිරිය සමෘද්ධි ගමන සංනිවේදක මහත්මියද එසේ තරග බිමේ සිටි ආකාරයයි. විවිධ අංශවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගිවි සිටි අතරම පරිපාලන නිලධාරි මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ වූ අතර සමෘද්ධි මූලස්ථාන කලමණාකරු මහත්මියද සහභාගිවි සිටින ලදි. 

  නිවේදන කටයුතු සදහා සම්බන්ද වූ සමෘද්ධි නිලධාරී ප්‍රියන්ත සිසිර කුමාර මහතා කෙරෙහි කාගෙත් සිත් ඇදී ගියේ ජාතයන්තර නිවේදකයකුගේ ආකාරයෙන් තම නිවේදන කටයුතු සිදු කිරිමයි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment