Tuesday, August 28, 2018

සමෘද්ධි සෞභග්‍යා වැඩසටහනෙන් මගී ආවරණයක් විවෘත කෙරේ...........


  සමෘද්ධි සංවර්ධන දෙපාර්මේන්තුව හා  ශ්‍රී ලංකා යුනිලීවර් සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ගමට සෞභග්‍යා වැඩසටහන  යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඉදිකල මගී ආවරණය විවෘත කිරීම 2018.08.27 දින ගෝනාපීනූවලදී සිදු කෙරුණි.

  ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කර වසර 15ක් ගතවුවද එහි සේවාවාන් ලබාගැනීට පැමිනෙණ සේවාලාභීන් හට හා ප්‍රදේශවාසීන්ට පොදු මගී ප්‍රවාහන සේවාවන් පැමිනනෙණ තෙක් හිසට සෙවනක් නොමැතිව අව් වැසි නොතකා මහා මර්ගය අසල රැදී සිටීමට සිදු විණි.

   ශ්‍රී ලංකා යුනිලීවර් සමාගම සමග අඛණ්ඩව වසර 05ක් පමණ ජංගම අලෙවි කටයුතු සිදු කල ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභියෙකු වන ආර්.කේ. චමිලා චාමරී මහත්මියගේ ඉල්ලීමකට අනුව රුපියල් 68,460.00 වියදමින් ඉදිකරන ලද මෙම මගී ආවරණය  විවෘත කිරිමේ අවස්ථාවට ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුනසේන මහත්මිය, සවුත් ඒෂියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නජිත් දමින්ද මහතා, ශ්‍රීලංකා යුනිලීවර් සමාගමේ සෞභග්‍යා අංශයේ සුරාජ් සංජීව මහතා, තනුෂ්ක කුමාර මහතා. ගෝනාපීනූවල මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ගංගා ගුරුසිංහ මහත්මිය, ව්‍යාපෘති කළමණාකරු එච්.ජී.කමල් චන්දන මහතා, ආරච්චිකන්ද සමෘද්ධි බැංකු කළමණාකරු එම්.සිරිනන්දන මහතා , ගෝනාපීනූවල සමෘද්ධි බැංකු සමිති කළමණාකරු නිරෝෂා දිල්රුක්ෂි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්වීය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment