Tuesday, September 4, 2018

2018 සමෘද්ධි කැකුළු ළමා සමාජ ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාවය වැලිවිටිය දිවිතුරට.....


  2018 වර්ෂයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය ජාතික තරගාවලියට සමගාමීව පවත්වන ලද ගාල්ල දිස්තික් තරග පසු ගියදා ගාල්ල කලේගාන පියතිස්ස විද්‍යාලයේදි පවත්වන ලදි. මෙවර ද පසුගිය වර්ෂයේ දී මෙන්ම වයස් කාණ්ඩ 3කට තරග ශීර්ෂ 14 ක් යටතේ සව් 37 ක් පැවැත් වූ අතර ඒ සදහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 නියෝජනය කරමින් ළමා සමාජ දරු දැරියන් 700 ට අධික පිරිසක් සහභාගී විය.

  මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය පිට පිටම සිව්වන වතාවටත් වැලිවිටිය දිවිතුර ප්‍රාෙද්්ශීය ලේකම් කොට්ටාසය විසින් දිනා ගැනීම විශේෂත්වයක් විය.ප්‍රථම ස්ථාන 3 ක් සහිතව ස්ථාන 11 ක් ලබා ගත් එම කොට්ටාසය විසින් ලකුණු හැටක් ලබා ගෙන ඇති අතර ලකුණු 57 ක් ලබා ගත් බද්දේගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අනු ශූරතාවය හිමි කර ගෙන ඇත. තෙවන ස්ථානයට පත් හික්කඩුව කොට්ඨාසය විසින් ලකුණු 54 ක් ලබා ගෙන තිබුණි.

  මෙවර තරගාවලියේදී නියාගම , තවලම සහ බලපිටිය කොට්ඨාස  සුවිශේෂී ප්‍රගතියක් ලබා ගෙන තිබුණු අතර සමස්ත ලංකා තරගාවලියට මුහුණ දීමට එහි දරු දැරියන් සමත් වී තිබුණි. තරගාවලිය මෙහෙයවීම සහ සංවිධානය ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය විසින් සිදු කරන ලදි.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගාල්ල දිස්ත්‍රික් සන්නිවේදක

No comments:

Post a Comment