Tuesday, October 9, 2018

සමෘද්ධි යටිතල පහසුකම් යෝජනා ස්ථානීය පරීක්ෂාවට ලක්කෙරේ


   සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන  සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත්වන ගම්මාන වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනාපීනූල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 66 මහගංගොඩ  ග්‍රාම නිලධාරී වසමමේ  පහලවෙල මාර්ගයේ සිට අංගන්කන්ද දක්වා මාර්ගය සකස් කිරීමේ යොජනාවේ ස්ථානීය  පරික්ෂාව පසුගියදා සිදු කෙරුණි.

  ගම් දෙකක් යා කරමින් පිහිටා ඇති මෙම මාර්ගය ප්‍රදේශයේ  දිළිදු ජනතාවට ඉතා පහසුවෙන් ප්‍රධාන මාර්ගයට පිවිසීමට හා ඉතා පහසුවෙන් ආසන්න නගරයේ පිහිටි වෙලද පොළ වෙත පිවීසීමට මෙන්ම ප්‍රදේශයට ආවේනික කුරුදු හා වී වගාවන්ට අවශ්‍ය පොහොර වර්ග ප්‍රවාහනය, ප්‍රමාදයකින් තොරව පාසැල් දරුවන් හට පාසැල වෙත යාමට භාවිතා කරයි.

   ඉතා ඉක්මණින් සංවර්ධනය විය යුතු මාර්ගයක් බැවින් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි සංවර්ධනය කිරීමට යෝජනාවී ඇති මෙම මාර්ගයේ ස්ථානීය පරික්ෂාව සදහා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ඩී.උඩවත්ත මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරී කංඩායම හා ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මහත්මිය ,සහකාර අධ්‍යක්ෂ කල්්‍යාණි මහත්මිය ඇතුළු ගෝනාපීනූවල ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සන්නිවේදක
ගෝනාපීනූවල.

No comments:

Post a Comment