Wednesday, November 14, 2018

ඉමදූවෙන් “ උත්තම රුහිරු පාරමී ”.............


   විද්‍යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය. අන්‍ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ. එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබාගත යුතුය.  වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී. රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි. එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී.  ඒවා දන්දීමට අපහසුය. තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය. මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි.

    එවන් වු අතිමහත් පුණ්‍ය කටයුත්තක් පසුගිය 2018.11.08  දා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණ. ඒ ඉමදුව සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සංවිධානය කල රුධිරය දන්දීමේ වැඩ සටහනයි.   “උත්තම රුහිරු පාරමී”  නමින් ආරම්භ කල මෙම වැඩ සටහන සදහා  සියයකට වැඩි රුධිර පරිත්‍යාගශීලින් පිරිසක් මේ සදහා දායකත්වය ලබාදුන් අතර උදැසණ 9.30 සිට සවස 2.30 දක්වා වැඩ සටහන ඉතා සාර්ථකව පැවැත්විණි. ඉමදුව සහකාර ප්‍රාදේශිය ලේකම් සුවිනි සුලෝචනා මහත්මිය , ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරි එස්. මහින්දසිරි, සමාද්ධි බැංකු සමිති කලමණාකරු කේ.එච්.වි. ලක්ෂමන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් වැඩ සටහන ආරම්භ වු අතර  ,සමෘද්ධි නිලධාරින්, ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරින් ,සමෘද්ධි ප්‍රතිලාභින් සහ ප්‍රදේශවාසි  විශාල ප්‍රමාණයක් මෙම පුණ්‍ය කටයුත්තට දායකත්වය දැක්වීම සුවිශේෂි වු කරුණක් විය. බැංකු සමිති කලමණාකරු කේ.එච්.වි. ලක්ෂ්මන් සහ සමාජ සංවර්ධන සහකාර නිශාන්ත සුදුසිංහ විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment