Wednesday, December 19, 2018

දෙනකට කිරි එරෙන්නේ.... තම පැටවාට දීමටම නොවේ................


  අප සම්මා සම්බුදු පියාණන් පෙර දවස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දහම් ගගුලෙන් නහවමින් දේශණා කලේ මෙලොව සැප පහසුවට නොව පරලොව සුඛවිහරණය සදහා නොපමාව කටයුතු කරන ලෙසයි. මේ බව පසක් කරමින් හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතා දිස්ත්‍රික් රාජ්ය නිලධාරීන් එදා අවදි කලේ නොමියන මිනිසෙකු ලෙස නොව මියෙන මිනිසෙකු ලෙස තමන්ගේ වටිනා මිනිසත් බව පසක් කරමිනි.

   2018 වර්ෂය අවසන් කරමින් තව නොබෝ දිනකින් 2019 නව වර්ෂයකට පා තබන අප එදා අපව අවදි කල දිස්ත්‍රික් ලේකම් තුමාගේ හඩ මෙසේ ගෙන එන්නේ මිනිසුන් සමග නිරන්තර සබැදියාවෙන් ඔවුන්ගේ සිතුවිලි හා කටයුතු කරන ඔබ වෙනුවෙනි.

   එතුමා අප දැනුවත් කරමින් ප්‍රකාශ කලේ.....  ගහක මල් ගෙඩි හට ගන්නේ මල් ගෙඩි හට ගැනීමට ඕනෑ නිසාම නොවේ, එළ දෙනෙකුට කිරි එරෙන්නේ ඇයගේ පැටියට බොන්න දෙන්න ඕනෑම නිසා නොවේ, ගංගාවක වතුර ඉහල සිට පහලට ගලන්නේ පහලට ගලන්න ඕනෑ බෑවුම නිසාම නොවේ, තවත් මේ පරිසරයේ ස්වභාව ධර්මය හා ගැටෙන පිරිසකගේ ඕනෑ එපාකම් සන්සිදුවමින් බැවින් බවත්, අපට මිනිස් ශරීරයක් ගොඩ නැගිල තියෙන්නේ අපට සැප විදින්නම නොවේ ..... තවත් පිරිසක් වෙනුවෙන් යහපත් වැඩදායක වැඩක යෙදවීම සදහාය. ඒ බව පසක් කරමින් අප සමෘද්ධි ගමන ළමා පුස්තකාලයට හැකි පමණින් පොතක් පරිත්‍යා කලේ තවත් දරුවෙකුගේ දෙනෙත් පෑදී මෙළොව සියළු සත්වයා වෙනුවෙන් යහපත් ගුණදායක වැඩක් මෙලොවට කිරීම වෙනුවෙනි. අද එම සමෘද්ධි ගමන පුස්තකාලයේ ළමා තොමෝ ඉතා සතුටින් දැනුම බෙදා ගනිද්දී අපට දැනෙන සතුට ඉතා ඉමහත්ය.

  ඩි.එම්.පි.කේ.දිසානායක,
  වජිරා දිසානායක,    -  
  සමෘද්ධි ගමන සංනිවේදක - පොළොන්නරුව

No comments:

Post a Comment