Monday, October 23, 2017

අඩු අාදායම්ලාභි පවුල් සදහා ජිවනෝපාය සංවර්ධන භාණ්ඩ


    බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ජිවනෝපාය සංවර්ධනය සදහා අඩු අාදායම් ලාභීන් හට භාණ්ඩ ලබා දීම පසුගියදා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අමාත්‍ය ගරැ ගයන්ත කරැණාතිලක මැතිතුමා, ගරැ දකුණු පළාත් මහ අැමති ශාන් විජයලාල් මැතිතුමාගේ, පලාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එ් සදහා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් තුමා, මුලස්ඵාන කලමණාකරැ, ව්‍යාපෘති කලමණාකාරැ, සියලුම සමෘද්ධි නිලධාරින්, ග්‍රාම නිලධාරින්, අාර්ථික නිලධාරින් හා ප්‍රදේශවාසීන් සහභාගි වන විණි. 

    තවද අතුරැවැල්ල විහාරස්ථානයට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කර පාලමක් ඉදිකිරීමට මුල්ගල තැබීම අමාත්‍ය ගරැ ගයන්ත කරැණාතිලක මැතිතුමාගේ සුරතින් සිදු විය. මේ සදහා අැස්තමේන්තු මුදල රැ.මිලියන 4 ක් වේ.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

Saturday, October 21, 2017

ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බොජුන් හලට සුභ මොහොතින් මුල් ගල්


   19 වන දින පෙරවරුවේ උදාවු සුභ මොහොතින් ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බොජුන් හල සඳහා මුල්ගල් තැබීම බද්දේගම සමෘද්ධී බැංකු සමිති භූමියේදී සිදු කරන ලදී. පෙරවරු 8.58 ට යෙදුණු සුභ මොහොතින් අත්තිවාරම් කැපීම සිදුකරන ලද්දේ වරාය හා නාවික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාගේ සුරතින්ය.

   බද්දේගම ප්‍රාදේශිය ලේකම් හිමාලි රත්නවීර මැතිණිය සහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා විතානගේ මැතිණිය ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර සමාජ සංවර්ධන අංශය මඟින් රුපියල්  677260.00 ක මුදලක් මෙම වැඩසටහන සඳහා ලබා දි තිබුණි. හික්කඩුව බද්දේගම අධිවේගී ප්‍රවේශ මාර්ගයේ පිහිටා ඇති මෙම ස්ථානයේ අලෙවි කුටි 10  ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර බ්‍රතිලාභීන් 20 දෙනෙකුට අලෙවි අවස්ථා උදා කර දීමට  සැලසුම් කර ඇත.

   මෙම ව්‍යාපෘතියේ ඉඳිකිරීම් බද්දේගම ව්‍යාපාරික සංගමයේ මැදිහත්වීමෙන් සිදුකරන අතර ඉඳිකිරීම් දෙසැම්බර් මස වන විට නිම කිරීමට බලාපොරොත්තු වන බව දැන ගන්නට ලැබුණි. මෙම අවස්ථාවට කොට්ඨාසයේ නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභීන් විශාල පිරිසක් එක්ව සිටිනු දැක ගත හැකි විය.

ප්‍රියන්ත කාරියවසම්
චන්ද්‍රසිරි එදිරිසිංහ
ගමන සමූහ

වල් බිහිව තිබූ සමෘද්ධි බැංකු ඉඩම පළදායි ආර්ථික වගාවට


   වසර ගණනාවකට කලින් නොයෙක් බෝග වගාවන් සිදුකර තිබූ නියාගම සමෘද්ධි බැංකු ගොඩනැගිල්ලට ඉහල බිම් ප්‍රදේශය මෑත කාලයේ සිට පැවතියේ වල් බිහි වෙමින්ය. එම තත්වය තුල ඩෙංගු උවදුර වැනි මාරාන්තික රෝග ව්‍යාප්තියක තෝතැන්නක් බවට මෙය පත් වී තිබුණි. මෙම තත්වය පිළිබද දැඩි අවධානය යොමු කළ නියාගම සමෘද්ධි බැංකු කළමණාකාර ප්‍රියංකා චාමිනී කොඩිකාර මහත්මිය එම බිම් ප්‍රදේශය ඉතා ඉක්මනින්ම සංවර්ධන කටයුත්තකට යෙදවීමට තීරණය කළාය. 

   ඒ අනුව ප්‍රාදේශීය ලේකම් තුමාගේද අනුමැතිය ඇතුව මෙම ඉඩම තුල තේ වගා කිරීමට යෝජනා විය. එම යෝජනාව නියාගම සමෘද්ධි බැංකු විධායක කමිටුවට ඉදිරිපත් කරන ලදි. ඒ සදහා විධායක කමිටුවේද අනුමැතිය හිමි විය. ඉන් අනතුරුව 38 නියාගම වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයට මෙම කටයුත්ත සිදුකිරීම සදහා භාර දෙන ලදි. එම වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී මල්ලිකා ගොඩකන්ද මහත්මියගේ පූර්ණ මැදිහත්වීම මත වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සහයෝගය මත වල් වැදී තිබූ ඉඩම මේ වන විට අලංකාර තේ වගාවක් බවට පත්ව ඇත. ඒ තුලින් බැංකු පරිසරයද ආලෝකමත් වී ඇති අතර, ඵලදායී ආර්ථික කටයුත්තකට මෙය යොදා ගැනීම තුලින් එම ඉඩමේ වටිනාකමද දෙගුන වී ඇත.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

Friday, October 20, 2017

ආදර්ශ ගම්මානයේ මත් නිවාරනය පිලිබඳ දැනුවත් කෙරේ


   හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආදර්ශ ගම්මානය ලෙස උණවටුන කලාපයේ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසම තෝරාගෙන අැත. මෙම ගම්මානය තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීමෙන් ප්‍රතිලාභීන්ගේ ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කරනවා මෙන්ම ඔවුන්ගේ සමාජීය මට්ටම දියුණු කිරීමත් ප්‍රධාන අරමුණු වී අැත. 

    හබරාදූව සමෘද්ධි මූලස්ථානයේ මගපෙන්වීම යටතේ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී සේනක වේහැල්ල මහතා විසින් මෙම මත් නිවාරනය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි. උණවටුන අන්තරායක ඖෂධ පාලක මන්ඩලයේ නිලධාරීන් විසින්  දේශන මෙහෙය වූ අතර මත් ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵල හා එයට අැබ්බහිවූවන් එයින් මුදවා ගැනීමට කටයුතු කරන ආකාරය පිලිබඳ පැමිණ සිටි තරුණ හා වැඩිහිටි ප්‍රජාව දැනුවත් කරන ලදි. මෙම අවස්ථාව සඳහා මූලස්ථාන කළමණාකාරු මොහාන් චිත්‍රලාල් මහතා හා ව්‍යාපෘති කළමණාකාරු  T.W.G.W. කුමාර යන මහත්වරු ද සහභාගී විය.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

ගෝනාපීනුවල සමෘද්ධි ව්‍යවසායකයින්ටත් ප්‍රාග්ධන භාණ්ඩ.......


    සමෘද්ධි අරුණළු 2017 වැඩසටහන යටතේ ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභී ව්‍යවසායකයින් හට ප්‍රාග්ධන භාණ්ඩ බෙදාදීමේ උත්සවයක් 2017.10.19 දින දකුණු පලාත් ප්‍රධාන අමාත්‍ය  ගරු ෂාන් විජයලාල් මහතාගේ හා අම්බලන්ගොඩ එක්සත්  ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඩෙනට් පනියන්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

     සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය  ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා සමෘද්ධි ප්‍රතිලාභී ව්‍යවසායකයින් ද දායකත්වයක් සපයාගනු ලබයි. තමා විසින් ප්‍රගුණ කරනු ලැබූ තම ව්‍යාපාරයේ ඉදිරි සාර්ථකත්වය සදහා අත්‍යාවශව තිබූ උපකරණ හා භාණ්ඩ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිව පසු තැවීමෙන් සිටි මෙම ප්‍රතිලාභීන් හට දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් මෙම භාණ්ඩ හා උපකරණ මහත් අස්වැසිල්ලක් විය.

     මෙම වැඩසටහන යටතේ  ජුකී මහන මැෂින්, කම්පෙෂර්, ශිතකරණ, අධි ශීතකරණ, ගිර්ල් මැෂින්, හිල්ට් මැෂින්, හෑන්ඩ් ගයින්ඩර්, ඉලෙක්ට්ට්‍රෙනික් තරාදි, පාපැදි, ජංගම අලෙවිරථ මෙන්ම කෘෂිකාර්මික උපකරණද බෙදාදීම සිදුකරණ ලදි.

    ගෝනාපීනූවල ප්‍රාකදේශීය මහ ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මහත්මියගේ පූර්ණ මගපෙන්වීම යටතේ ව්‍යාපෘති කළමණාකරු එච්.ජී. කමල් චන්දන මහතා විසින් ක්‍රියාත්මක කල මෙම වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් කොට්ඨාශය පුරා ක්‍රියාත්මක විය.

    මෙම භාණ්ඩ බෙදාදීමේ උත්සවය සදහා ගෝනාපීනුවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මිය ඇතුළු සියළුම ක්ෂ්‍රේත්‍ර නිලධාරීන් හා සමෘද්ධි ප්‍රතිලාභීන්ද සහභාගී විය.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

ප්‍රථම ගමන පුස්තකාලය ළමා අයිතියට


    සමෘද්ධි ගමන මාධ්‍ය ජාලය ආරම්භ කල ''නෙතට පොතක්'' පුස්තකාල ව්‍යාපෘතියේ ප්‍රථම පුස්තකාලය ඊයේ (19 වැනිදා) ඇල්පිටිය අම්බන සමෘද්ධි ප්‍රජා ශාලාවේදී ළමා අයිතියට පත් කෙරිනි. ළමයින්ගේ කියවීමේ පුරැද්ද වැඩි කිරිමේ අරමුණින් ගාලු දිස්ත්‍රික්කය පුරා ගමන පුස්තකාල ආරම්භ කිරිමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර මෙසේ ළමා අයිතියට පත් වුයේ සැමගේ උදවු උපකාර සමගිනි.

     විශාල පොත් ප්‍රමාණයක් ගමන පුස්තකාලය වෙත පරිත්‍යාග කර තිබෙනු අතර, අපගේ පුංචි ඉල්ලීමට සහය දක්වා පොත් විශාල පුමාණයක් ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කිරිමට අවස්ථාවක් කර ගන්නා බව මෙහි අරමුණු පැහැදිලි කරමින් නිශාන්ත කොඩිතුවක්කු මහත්මා පැවසීය.

    ළමා සමාජ දරැවන්ගේ සුරතින් ළමා අයිතියට පත්විනි. මෙම ව්‍යාපෘතිය සදහා පිණිකහන සමෘද්ධි බැංකු කළමණාකරැ චන්ද්‍ර ලියනගමගේ මැතිණියගෙන් ලැබුනු අපමන සහයෝගය විශේෂයෙන් සිහිපත් කල යුතුය.

   මෙම අවස්ථාව සදහා පිණිකහන බැංකු කළමණාකරැ චන්ද්‍ර ලියනගමගේ, මහ සංගමය නියෝජනය කරමින් සමාජ සහකාර රැවන් ත්‍රිමාවිතාන, ශිරෝමි ප්‍රියංගිකා, ගමන මාධ්‍ය ජාලය වෙනුවෙන් ගමන කතෘ නිශාන්ත කොඩිතුවක්කු, සංස්කාරක ප්‍රදීප් චන්දන නානායක්කාර, විශේෂාංග සංනිවේද රංජන් අබේසේන, ග්‍රාම නිලධාරි මාලා අල්විස්, ප්‍රදේශයේ දේශපාලන නායකත්වය නියෝජනය කරමින් ඒ.ජී. සාගර තිලක, කමල් කාරියවසම් හා ප්‍රදේශයේ සමිති සංවිධාන නියෝජනය කිරිමින් එහි නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්විය.


ප්‍රදීප් චන්දන නානායක්කාර

වැඩිහිටියන් සදහා වියලි සලාක


   වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොරලැස්ස සමෘද්ධි කලාපයේ  නැ/  බණ්ඩිරිප්පුව   වසමේ සමෘද්ධි නිලධාරි සමන්ත මහතා හා එහි ප්‍රජාව එක්ව ජත්‍යන්තර වැඩිහිටි හා ළමා දිනය නිමිතිකොට ගෙන ගාලවත්ත ප්‍රජා ශාලාවේදි පසුගියදා  (19) වැඩිහිටි සත්කාර වැඩසටහනක්  පැවැත්වුනි. මෙහිදි දරැවන්ගේ විශේෂාංග වලින් මෙම වැඩසටහන චිත්‍රවත් වුනු අතර වැඩිහිටියන්  සදහා වියලි සලාක බෙදාදිමක්ද සිදුකෙඑරැනි.

   මෙහි  දැක්වෙන්නේ සමන්ත  මහතා  විසින්  වියලි සලාක  ලබාදෙන අවස්ථාවකි.


සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පුව