ගණේගොඩ සමෘද්ධි බැංකුවේ අපි 2019ට අභිමානයෙන් වැඩකටයුතු ආරම්භ කරමින්.....
Friday, January 4, 2019
ගණේගොඩ සමෘද්ධි බැංකුවේ අපි 2019ට අභිමානයෙන් වැඩකටයුතු ආරම්භ කරමින්.....
ආගම්ක වතාවත් වලට මුල් තැන දෙම්න් නව වසර අාරම්භ කරම්න්
පිනිකහන සමෘද්ධි බැංකුව 2019 වර්ෂයේ නව ගනුදෙනු ආරම්භ කිරිම ආගම්ක වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කල අයුරැ
Tuesday, January 1, 2019
සාමය සතුට සෞභාග්‍ය පිරි සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා
Wednesday, December 26, 2018
මැතිවරණයකට කරන්දෙණිය සූදානම්
කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සහ අනුබද්ධ නිළධාරින් සර්වජන ඡන්දය සහ නියෝජිත ප්රජාතන්ත්රවාදය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්වුනා.
කාර්යාලීය නිළධාරින් සමග සියළුම ක්ෂේත්‍ර නිළධාරින් මෙම වැඩ සටහනේ සහභාගිත්වය වූ අතර දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් වේලාරත්න මහතා සම්පත්දායකයා ලෙස සහභාගි විය.
ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි වීමට ඡන්දදායකයන් සතු වගකීම, සර්වජන ඡන්දය පාවිච්චි කිරීමේ වැදගත්කම, ජනජීවිතයට නියෝජිත ප්රජාතන්ත්රවාදය බලපෑම් කරන ආකාරය සහ රාජ්‍ය නිළධාරින් සතු ඡන්ද වගකීම හා යුතුකම යන කාරණා සම්බන්ධව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක් මෙහිදී සිදුවිය.
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය
Wednesday, December 19, 2018
විදියේ රැගුමින් මත් විරෝදී දින සමරයි
ගාල්ල යක්කලමුල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ මාගෙදර සමෘද්ධි බැංකු කලාපයේ මාගෙදර නැගෙනහිර ග්‍රාම නිලඩාරී වසමේ මිනිමුතු ළමා සමාජයේ හා සමෘද්ධි ප්‍රජා සංවිධානය 2018 දුම් වැටි හා මත්විරෝඩී දිනය වෙනුවෙන් වීදී නාට්‍යක් රගදෑක්වීමට කටයුතු සංවිධානය කර ප්‍රධාන ම්ංසන්දි වල රගදැක්වීම මගින් ප්‍රදේශයේ ජනතාවට දුම් වැටි හා මත් ද්‍රව්‍ය භවිතය ඇබ්බැහිවීම නිසා සිදුවන දුක්ගැහැට .. සමාජයේ හිමිවන තැන මනාව පැහැදිලී කිරීමක් මේ යතුලින් ජනාතාවට හේත්තු ගැන්වීමට හැකිවීම් සැමගේ පැසසුමට ලක්වි.
මෙම කාර්යය සදහා කටයුතු කරනු ලැබුවේ වසම භාර නිලඩාරී නීතා ගුනසිරී මහත්මිය විසිනි.
මෙම අවස්ථාව සදහා යක්කලමුල්ල ප්‍රා.ලේකම් සී. මුහන්දිරම් මැතිතුමා, මුලස්ථාන කළමණාකරු අනුර මහාතා මහා සංගම් අධ්යක්ෂ තුශාන්ති මිය, කලාප කලමනාකාර පත්මසිරි මහතා, ව්‍යාපෘති කලමණාකාර ආනන්ද මායාකඩුව, පි.වී.අශෝකා වසමේ ග්‍රාම නිලධාරී තුමා, ආර්ථික සංවර්ධ්න නිලධාරී තුමා, ළමා කටයුතු නිලධාරී තුමිය, යක්කලමුල්ල පොලීසිය මේ සදහා සහයෝගය දක්වන ලදී.
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල
දෙනකට කිරි එරෙන්නේ.... තම පැටවාට දීමටම නොවේ................
අප සම්මා සම්බුදු පියාණන් පෙර දවස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දහම් ගගුලෙන් නහවමින් දේශණා කලේ මෙලොව සැප පහසුවට නොව පරලොව සුඛවිහරණය සදහා නොපමාව කටයුතු කරන ලෙසයි. මේ බව පසක් කරමින් හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතා දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් එදා අවදි කලේ නොමියන මිනිසෙකු ලෙස නොව මියෙන මිනිසෙකු ලෙස තමන්ගේ වටිනා මිනිසත් බව පසක් කරමිනි.
2018 වර්ෂය අවසන් කරමින් තව නොබෝ දිනකින් 2019 නව වර්ෂයකට පා තබන අප එදා අපව අවදි කල දිස්ත්‍රික් ලේකම් තුමාගේ හඩ මෙසේ ගෙන එන්නේ මිනිසුන් සමග නිරන්තර සබැදියාවෙන් ඔවුන්ගේ සිතුවිලි හා කටයුතු කරන ඔබ වෙනුවෙනි.
එතුමා අප දැනුවත් කරමින් ප්‍රකාශ කලේ..... ගහක මල් ගෙඩි හට ගන්නේ මල් ගෙඩි හට ගැනීමට ඕනෑ නිසාම නොවේ, එළ දෙනෙකුට කිරි එරෙන්නේ ඇයගේ පැටියට බොන්න දෙන්න ඕනෑම නිසා නොවේ, ගංගාවක වතුර ඉහල සිට පහලට ගලන්නේ පහලට ගලන්න ඕනෑ බෑවුම නිසාම නොවේ, තවත් මේ පරිසරයේ ස්වභාව ධර්මය හා ගැටෙන පිරිසකගේ ඕනෑ එපාකම් සන්සිදුවමින් බැවින් බවත්, අපට මිනිස් ශරීරයක් ගොඩ නැගිල තියෙන්නේ අපට සැප විදින්නම නොවේ ..... තවත් පිරිසක් වෙනුවෙන් යහපත් වැඩදායක වැඩක යෙදවීම සදහාය. ඒ බව පසක් කරමින් අප සමෘද්ධි ගමන ළමා පුස්තකාලයට හැකි පමණින් පොතක් පරිත්‍යා කලේ තවත් දරුවෙකුගේ දෙනෙත් පෑදී මෙළොව සියළු සත්වයා වෙනුවෙන් යහපත් ගුණදායක වැඩක් මෙලොවට කිරීම වෙනුවෙනි. අද එම සමෘද්ධි ගමන පුස්තකාලයේ ළමා තොමෝ ඉතා සතුටින් දැනුම බෙදා ගනිද්දී අපට දැනෙන සතුට ඉතා ඉමහත්ය.
වජිරා දිසානායක, -
සමෘද්ධි ගමන සංනිවේදක - පොළොන්නරුව
Tuesday, November 27, 2018
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථීර පත්වීම්
දීර්ඝ කාලයක සිට විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14000 කට වැඩි පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් ලබා දීමට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කරයි.
විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ සමෘද්ධි ව්‍යපාරයට අයත් වෘත්තීය සමිති ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) දෙවන මහළේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවට සහභාගී වෙමිණි.
සමෘද්ධි වැඩසටහන තුළ දීර්ඝ කාලයක සිට විසඳුම් නොලැබුණු ගැටළු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට සමෘද්ධි වෘත්තිය සංගම් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබිණි. එ අනුව සමෘද්ධි වැඩසටහනට සම්බන්ධ සියලු වෘත්තීය සංගම්වලට මෙම සාකච්ඡාවට අරාධනා කර තිබූ අතර සමස්ත ලංකා සමෘද්ධි කෘෂී නිලධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා සමෘද්ධි කළමනාකාරවරුන්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීහූ රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එහිදී සමෘද්ධි වෘත්තිය සංගම් නියෝජිතයින්ගේ ප්‍රධාන ගැටළුව වූයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හා සමෘද්ධි කළමානකාරණ සේවකයින් විශාල පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් නොමැති බවයි. මෙතෙක් පැවති රජයන් මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට නිසි ක්‍රියාමාර්ග නොගත් හේතුවෙන් සේවක අයිතීන් දිනාගැනීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම වෘත්තීය වැඩවර්ජන, උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවද ඔවුහූ පෙන්වා දුන්නේය. ඇතැම් නිලධාරීන් මෙම සේවක ගැටළුවට විසඳුම් ලබාදීම හිතාමතාම මගහැරිය බවද වෘත්තීය සංගම් නියෝජිතයෝ චෝදනා කළහ. එමනිසා මෙම සේවකයින් මුහුණ දී සිටින ප්‍රධාන ගැටළුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස වෘත්තීය සංගම් නායකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කළ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීමට පවතින බාධාවන් පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදි. එහිදී තනතුරුවලට අදාළ වැටුප්තල, සේවා කාලය පිළිබඳ ගැටළු, විශ්‍රම වැටුප් දායකත්වය ආදී කරුණු පිළිබඳ දීර්ඝ ලෙස සාචච්ඡා කෙරිණි. එම සාකච්ඡාවෙන් අනතුරුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරා සේවය කරන 14,000 කට අධික සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට අමාත්‍යවරයා තීරණය කළ අතර මෙම පත්වීම් ලබා දීමට දීර්ඝ කාලයක් නොගෙන ඉදිරි සතිය ඇතුළත පත්වීම් ලබා දීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
ඊට අමතරව සමෘද්ධි කාළමනාකාරවරුන්ට පත්වීම් ලබාදීමේ ක්රියාවළිය සිදුවන්නේ රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් බැවින් එම පත්වීම්ද හැකි ඉක්මනින් ලබා දීමට අමාත්‍යාංශ නිලධාරීන්ට මැදිහත් වී ක්‍රියා කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.
තවද මෙම තනතුරුවල සේවයේ සිටියදී මියගිය සේවක මහත්ම මහත්මීන්ට විධිමත් පත්වීම් නොලැබීම නිසා විශාල අසාධාරණයක් සිදුව ඇති බවත් එම මියගිය සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
සමෘද්ධි අමාත්‍යාංශයේ පරිපාලන කටයුතුවල දුර්වලතා පිළිබඳවද මෙහිදී සාකච්ඡ කළ අතර එහිදී වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් කියා සිටියේ සේවකයින් 500 කට අධික පිරිසකට විවිධ වැරදි චෝදනා හේතුවෙන් සාධාරණ පරීක්ෂණ නොපවත්වා වැඩ තහනමට ලක්ව සිටින බවත්, එයින් එම සේවකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට විශාල අසාධාරණයක් සිදු වී ඇති බවයි. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ විවිධ චෝදනා නිසා වැඩ තහනමට ලක්ව සිටින සේවකයින්ට විරුද්ධව තිබෙන චෝදනා පිළිබදව කඩිනමින් පරීක්ෂණ අවසන් කර එම සේවක මහත්ම මහත්මීන්ටද සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නා ලෙසයි.
සාකච්ඡාවෙන් අනුතුරුව සමෘද්ධි සංගම් නියොජිතයින් ප්‍රකාශ කර සිටයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ පැවති සාකඡ්චාවෙන් අනතුරුව එතුමා ගත් ශ්‍රේෂ්ඨ පියවර ඉතිහාසගත වන බවයි. සමෘද්ධි වැඩසටහ ක්‍රියාවට නංවන සියලුම නිලධාරීන්ටත්, සෑම අංශයක්ම නියෝජනය කරන සියලුම සේවක මහත්ම මහත්මීන්ටත්, මෙරට ලක්ෂ 14 කට අධික සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වලටත් තම බලාපොරොත්තු ඉටුවන සුවිශේෂී ජයග්‍රහණයක් අද දින හිමි වූ බවත් එම සියලු දෙනා වෙනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට සිය ප්‍රසංශාව පළකර සිටින බවද වෘත්තීය සංගම් නියෝජිතයින් පැවසීය.
වෘත්තීය සංගම් සාකච්ඡාවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර, එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, සමස්ත ලංකා සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ, එහි ලේකම් ජගත් කුමාර, සමස්ත ලංකා සමෘද්ධි කලමානාකාරවරුන්ගේ සංගමයේ සභාපති රනුග්ගේ යන මහත්වරු ඇතුළු ජ්‍යේෂඨ නිළධාරීහූ රැසක් සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය
Subscribe to:
Posts (Atom)










