Monday, May 29, 2017

ඉමදුවටත් ගං වතුර

පසුගිය දා පැවති අයහපත් කාළගුණ තත්ත්වය යටතේ ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 17 ක පවුල් 102 ක 650 ක පමණ ජනයා පීඩාවට පත්විය. ජීවිත හානි කිසිවක් මෙම කොට්ඨාශයෙන් වාර්තා නොවු අතර නිවාස හා දේපල හානි දැක ගන්නට ලැබුනි.

     ඉමදුව ප්‍රාදේශිය මහ ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ විපතට පත් ජනතාවට සහන සැලසීම ප්‍රාදේශිය ලේකම් කාර්යලීය නිළධාරින් , ග්‍රාම නිළධාරින්, සමෘද්ධි නිළධාරින් ඇතුඑ සියලු නිළධාරින්ගේ සහය ඇතුව සිදුවිය. විශේෂයෙන් කෝදගොඩ, හොරදුගොඩ, කෝඔල, ඇල්ලලගොඩ වසම් වල විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන, ඖෂධ ,පානීය ජලය ඇතුලු අත්‍යාවශ්‍ය දව්‍ය ලබාදීම බෝට්ටු මගින් සිදු කරන ලද අතර  පලමු දින පිසු ආහාර ලබාදීම ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කාර්යාල පරිශයේදි සිදු විය. මේ වන විට ගංවතුර තත්වය කෙමෙන් කෙමෙන්  පහව යමින් පවතින අතර විපතට පත් ජනතාවට අවශ්‍ය වියලි ආහාර දව්‍ය  එක් රැස්කිරිමේ කටයුතු හා අපිරිසිදුවි ඇති ළිං පිරිසිදු කිරි‍මේ කටයුතු ආරම්භ කර ඇත.

එන්. අයි. සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක - ඉමදුව

No comments:

Post a Comment