Monday, May 29, 2017

අම්බලන්ගොඩ මත් නිවාරණ වැඩසටහන් මාලාවක්
     

     අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම මගින් සමෘද්ධි බැංකු තුනට අදාල ග්‍රාම නිලධාරී වසම් 36 ක  කැකුළු ළමා සමාජ වල  දූදරුවන් මත් නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. අම්බලන්ගොඩ කලාපයට අදාල දැනුවත් කිරීමේ වැඩ සටහන පසුගිය 22 වන දින හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේදී පවත්වන ලදි.                                                                          
        වැඩ සටහන මගින් දුම්පානය, මත්පෙති හා මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ළමා පරපුර විනාශය කරා යොමු වන ආකාරයත්, එමගින් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කලයුතු ආකාරය පිළිබදවත් දූ දරුවන් දැනුවත් කිරීම අරමුණු කොට අම්බලන්ගොඩ ආයුර්වේද රෝහලේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරීන් වන පී.එච්.ඩී.වීරසිංහ හා එල්.ඒ.ඩී.රසිකා වසන්ති යන මහත්මීන් සහ යක්කලමුල්ල ආයුර්වේද රෝහලේ ප්‍රජා වෛද්‍ය නිළධාරී එස්.එම්.පී.පී.කුමාර මහතා විසින් දේශණ පවත්වන ලදි.
     මෙම අවස්ථාව සදහා ළමා සමාජ නියෝජනය කරමින් 200 කට ආසන්න දරු දැරියන් පිරිසක් සහභාගී වන ලදි. මෙම අවස්ථාවට සමෘද්ධි මූළස්ථාන කළමණාකරු ඩබ්.ඒ.නිහාල් චන්ද්‍රසිරි මහතා, ප්‍රජා මූල සමිති කළමණාකරු සුනිල් මල්ලියාවඩු මහතා හා වසම්භාර සමෘදධි සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් හා සමාජ සංවර්ධන නිළධාරී නෙවිල් කීර්ති ද සිල්වා මහතා ද සහභාගී විය.

ජේ.පී.රුවන් ප්‍රසාද්
  සමෘද්ධි සන්නිවේදක - 
  අම්බලන්ගොඩ


No comments:

Post a Comment