Thursday, May 25, 2017

බැංකු දැනුම ගමේ ඔබට.....

     ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගනේගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු කලමණාකරු අනුර කුමාර ලීලානන්ද මහතාගේ අදහසක් අනුව මේ දිනවල ගණේගොඩ කලාපය තුල ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලිය පිලිබඳදව ප්‍රජාව දැනුවත් කිරීමේ ප්‍රථම වැඩසටහන 2017/05/23 වන දින 28සී ඕමත්ත ග්‍රාම නිලධාරි වසමේ බුළුගහහන්දිය
ප්‍රජාශාලාවේදී පැවැත්විණි.
      මෙහිදී ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන කලමණාකරු එස්. විජේසිංහ මහතා විසින් මූල්‍ය සාක්ෂරතාව පිලිබදව සරලව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර සමෘද්ධි බැංකු ණය තැන්පතු හා ණය ක්‍රියාවලිය පිලිබදව පැහැදිලි කිරීමක් ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරි ගයාන්
වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලදි. අංක 28 සී ඕමත්ත හා ඉහල ඕමත්ත වසම්වල ජීවත් වන විශාල පිරිසක් බැංකු ක්‍රියාවලිය පිලිබදව නොදත් බොහෝ කරුණු පිලිබදව දැනුවත් භාවය ලබා ගන්නා ලදි. 
       මේ අවස්ථාවට ගණේගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු කලමණාකරු අනුර කුමාර ලිලානන්ද, ග්‍රාම නිලධාරි යු.එස්.කරුණාසේන, ආර්ථීක සංවර්ධන නිලධාරි අනුෂා ප්‍රියදර්ශනි ගනේගොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ක්ෂ්‍රේත්‍ර කලමණාකරු රූපලතා විතානගේ, දිවි නැගුම සංවර්ධන නිලධාරි යු.එස්.ඒ. අශෝකා කාන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.
    ගමෙන් ගමට යන වැඩසටහනේ මීලග වැඩසටහන ලබන මස පැවැත්වීමට ගනේගොඩ සමෘද්ධි ප්‍රජාමූල කටයුතු සංවිධානය කර ඇත. 

උපුල් ලියනගමගේ
 විශේෂාංග සන්නිවේදක

No comments:

Post a Comment