Sunday, May 28, 2017

මධ්‍යම කදු කරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට දැඩි වර්ෂාවක් 

        දිගුකාලක් පැවති නියගය නිමාවට පත්කරමින් පසුගිය දින කිපය තුලදි මධ්‍යම කදු කරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට දැඩි වර්ෂාවක් අදහැලින.ඊසාන දිග මෝසම් සක්‍රිය විමත් සමග ඇතිවු වර්ෂාවත් සමගම පැවති අණුසුම් තත්ත්වය පහව ගොස් සීත දෙශගුණයක්ද ඇතිවු අතර  පසුගිය දින කිපය තුල ජන ජිවිතයද බෙහෙවින් අඩාල විය.පාසල් සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණිමේ අඩුවක් මෙන්ම සාමාන්‍ය ජනතාව නගරයට පිවිසීමේ අඩුවක්ද දක්නට ලැබීය.

       ගතවු දින කිපය පුරා නොනැවති වර්ෂාව අද වැටිමත් සමග විදුලිය බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම තරමක් ඉහල ගිය අතර විමලසුරේන්ද්‍ර‍ ,කැණියොන් හා ලක්ෂපාන ජලාශ පිටාර ගැලිම හා වාන් දොරටු විවෘත්ත කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලයට සිදුවිය.ඉහල කොත්මලේ ජලාශයේද ජල මට්ටම ඉහල ගොස් තිබේ. කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 24 ක් පහතින්ද මඋස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටමේ සිට අඩි 35 ක් පහතින්ද ඊයේ (27) වන විට පවති.එමෙන්ම පසුගිය දිනවල මිලි ලීටර 100 ඉක්මවු වර්ෂාවක් ප්‍රදේශයට ලැබි තිබේ.
        එම තත්ත්වය හමුවේ හැටන් ස්ට්‍රැදන් ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටිම නිසා එම නිවසේ කොටසකට හානි සිදුවිය.හැටන් පැන්මුර් ප්‍රදේශයේ කුඩා වැවක් පිටාර ගැලිම හේතුවෙන් ඒ ආසන්නයේ පදිංචිව සිටි වතු කම්කරු පවුල් 04 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.
        හැටන් කොළඹ ප්‍ර‍ාධාන මාර්ගයේ දියගල හා ඒ අවට ප්‍රදේශවල  ස්ථාන කිපයක ප්‍ර‍ධාන මාර්ගයට පස් හා කුඩා ගස් කඩාවැටි තිබුනි.මස්කෙළිය  ලක්ෂපාන ප්‍ර‍ධාන මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ මාර්ගයට ගස් කඩා වැටිම නිසා පැය කිපයක් රථවාහන ධාවනයට බාධා අතිවිය.
         පසුගිය කාලයේ වියලි ගොස් හා සාමාන්‍ය ජල මාර්ගයන් බවට පත්ව තිබු දිය ඇලි බොහෝමයක් යලි සක්‍රිය වි මනස්කාන්ත දර්ශන නිරිමාණය විය.බොහේ අවස්ථාවල ප්‍රදේශයේ ස්ථාන බොහෝමයක් ඝන මිදුමෙන් වැසි පවතින අයුරු දක්නට ලැබින.එම අවස්ථාවලදි රථවාහන ධාවනය දැඩි අසිරූ කරුණක් විය.සමස්ථයක් ලෙස ගත් කල පසුගිය අයහපත් කාලගුණය පැවති දින වලදි ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කලද ජිවිත හෝ මහපරිමාණ දේපල හානි කිසිවක් සිදු නොවිනි.

චන්දන ජයවීර
ගමන සන්නිවේදක - හැටන්

No comments:

Post a Comment