Sunday, May 28, 2017

ජාතික තරුණ සේවා සභාව  අභියෝගයෙන් අභිමානයට 2017 සම්මානයෙන් සමෘද්ධි ගමන සන්නිවේදක චන්දන ජයවීර මහතා පිදුම් ලබයි

       හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන චන්දන ජයවීර මහතා 1993 වර්ෂයේදි හැටන් අරවින්ද යෞවන සමාජයේ සභාපතිවරයා ලෙස තෙරි පත්වෙමින් යෞවන සමාජ ක්ෂේත්‍ර‍ට පැමිණි ඇත. ඔහු අඹගමුව කෝරළය යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනයේ උප ලේකම් ,නුවරඑළිය දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප ලේකම් හා උප සභාපති වශයෙන් වසර කිපයක් කටයුතු කර ඇති ඔහු වසර කිපයක් නුවරඑළිය දිස්ත්‍රික් නිස්කෝ තරුණ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කර තිබේ.
        නායකත්ව හා පෞර්ෂ වර්ධනය,සංස්කෘතික ,ක්‍රිඩා වැඩමුළු හා වැඩසටහන් වලට දායක විම හා ක්‍රියාකාරිව සංවිධානය කිරිම,තරුණ කදවුරු ,තරුණ හුවමාරු වැඩසටහන් රැසක් සදහා සහබාගී වී ඇති චන්දන ජයවීර මහතා තුරුණු ශක්ති හමුව හා තුරුණු ශක්ති සජීවි රූපවාහිනි වැඩසටහන සදහා ද සහබාගි වී තිබෙන අතර ජාතික තරුණසේවා සභාවේ නිපුනතාවය ලබා විවිධ වැඩසටහන් හා එළිමහන් ,ගෘහස්ථ සංගීත ප්‍ර‍සංග හා උත්සව අවස්ථා නිවේදකයෙකු ලෙසද කටයුතු කරයි.
   ජාතික තරුණ සේවා සභාව මෙහෙයවු උසස් ජනමාධ්‍ය ඩිප්ලෝමාවක් හැදෑරිමෙන් පසු ජනමාධ්‍ය ක්ෂේත්‍ර‍ට පැමිණ වර්ථමානයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍ර‍වෘත්ති කලාවේදියකු ලෙස කටයුතු කරමින් සිටි.
      සමාජ සේවකයෙකු ලෙස දැඩි කැපවීමෙන් කටයුතු කරන ඔහු මුළු දිවයිනටම සාම විනිසුරු වරයෙකි. හැටන් ශ්‍රිපාද විද්‍යාලිය ආදිශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික,ශ්‍රිපාද ප්‍රාථමික විද්‍යාලයේ සංවර්ධන කමිටුවේ ලේකම්.ශ්‍රිපාද මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන කමිටු සමාජිකත්වය දැරිම හා හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ සමිති සමාගම් හා ප්‍රදේශයේ තවත් ස්වෙච්චා සංගම් සමග සම්බන්ධව ආගමික හා සමාජ මෙහෙවරක නිරතව සිටිම මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු වි තිබේ.
      සුන්දර නුවරඑළියේ ජවසම්පන්න තාරුණ්‍ය වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වී ස්වෙච්චාවෙන් වටිනා කාලය ශ්‍ර‍මය ධනය වැය කරමින් කරනු ලැබු අනුපමය සේවය අගයමින් ජාතික තරුණ දිනයට සමගාමිව  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ යෞවන සමාජ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිව නියැළුන පුද්ගලයින් 12 කු සදහා මෙහිදි සම්මාන ප්‍ර‍ාධනය සිදුකල අතර ඉකුත් 25 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි සම්මාන ප්‍ර‍ානොත්සවය පැවැත්විය.
      නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහට අදාල ග්‍රාම නිලධාරි වසම් 405 ක් අතුරෙන් සම්මානයට පාත්‍ර‍වු සම්මානලාභින් සදහා සම්මාන ප්‍ර‍ධානෝත්සවයට මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එස්.බී රත්නායක,රාධාක්‍රිාශ්නන් රාජා රාම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සරත් චන්ද්‍ර‍,නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක,ජාතික තරුණ සේවා සභාවේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක අජන්ත එස් විජේතිලක,යොවුන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු, හා යොවුන් නායක නායිකාවන් රැසක් එක්ව සිටියහ. ජාතික තරුණ සේවා සභාව  අභියෝගයෙන් අභිමානයට 2017 සම්මානයෙන් පිදුමි ලැබු චන්දන ජයවීර මහතාට සමෘද්ධි ගමන අපගේ උණුසුමි සුභ පැතුමි 
සමෘද්ධි ගමන.

No comments:

Post a Comment