Monday, May 8, 2017

දිවයිනෙන් දෙකට දිගන්වැව

ක්ෂුද් මූල් කරණය යටතේ දිවයිනේ සමෘද්ධි ප්රජාමූල බැංකු ශ්්රණිගත කිරීමේදි ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිගන්වැව සමෘද්ධි බැංකුව පුත්තලම දිස්ත්රික්කයේ ප්රථම ස්ථානයටත් බත්තුළුඔය සමෘද්ධි බැංකුව දෙවන ස්ථානයටත් පත්විය. මෙහිදි පුත්තලම දිස්ත්රික්කයේ ˜ ˜ කාණ්ඩයට අයත් බැංකු හතරෙන් දෙකක්ම ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්වීම සුවිශේෂ කරුණ වේ. මෙම වර්ගීකරණයට අනුව ජාතික මට්ටමේ ඇගයීම් උත්සවයක් පසුගිය 02 වන දින කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේදි පැවති අතර දිවයිනේ සමෘද්ධි බැංකු 1074ක් අතරින් දෙවන ස්ථානය ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිගන්වැව සමෘද්ධි බැංකුවට හිමිවිය. මෙම බැංකුවේ කලමණාකරු ටී.එම්.ඩී.පී.චමින්ද පීරිස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම මත මෙම ජයග්රහණය හිමිකර ගැනීමට හැකිවූ බව ජනතාවගේ අදහසයි.

කුලරත්න ජයසේකර

    ගමන සංනිවේදක - ආරච්චිකට්ටුව

No comments:

Post a Comment