Wednesday, May 31, 2017

ජාතික රූපවාහිනියේ "නොසිඳෙන දයාව ” සමඟ සමෘද්ධිය එක්වේ.
     
ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති සහන සේවා වැඩසටහන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “ නොසිඳෙන දයාව ” ව්‍යාපෘතිය හා එක් වෙයි.
ඒ අනුව අවතැන් වූ ජනතාවට ලබා දීමට අපේක්ෂිත සියළුම ආධාර දිවයින පුරා පිහිටි 1074 ක් වූ ඔබට ලඟම සමෘද්ධි ප්‍රජා මූල බැංකු වෙත ගෙනවිත් භාර දෙන ලෙස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
      සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මෙම ආධාර බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. පහත සඳහන් දේ වහාම ලඟම පිහිටි සමෘද්ධි බැංකු ශාඛාවන් වෙත පරිත්‍යාග කරන්න.
1) වියළි ආහාර 2) අළුත් ඇඳුම් 3) ළදරු ආහාර 4) බෙහෙත් ද්‍රව්‍ය 5) සනීපාරක්ෂක ද්‍රව්‍ය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේනතුව හා ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ “ නොසිඳෙන දයාව ” ව්‍යාපෘතිය සමඟ එක්ව අවතැන් ජනතාව වෙත කඩිනමින් ඔබ ලබා දෙන ද්‍රව්‍ය බෙදා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.
සමෘද්ධි ගමන

No comments:

Post a Comment