Tuesday, June 20, 2017

මත් හා දුම්වැටි විරෝධී සාමකාමී පා ගමනක්

     ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය  මගින් ක්‍රියාත්මක කල මත් හා දුම්වැටි විරෝධී සාමකාමී පා ගමනක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (20) දින ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අළුත්වල නගරයේදී පැවැත්විණි.

     මෙම වැඩසටහන සදහා දිවයිනේ සුප්‍රකට මත් විරෝධි සංවිධානයක් වන හෙල්දි ලංකා සමාගම,  ගෝනාපීනූවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මීටීයාගෙඩ පොලිස්ථානය පුර්ණ සහයෝගය ලබාදෙන දුනි. මෙම අවස්ථාවට ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මංඩලය, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි  නිලධාරීන්, ප්‍රජා සංවිධාන නිලධාරීන් හා සාමාජිකයින් හා පාසැල් දරු දැරියන් සහභාගී වන ලදි. මෙම වැඩසටහන ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතා විසින් සම්බන්ධීකරණය සිදු කරන ලදි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක - ගෝනාපීනූවල

No comments:

Post a Comment